අන්තර්ජාලය, එහි හිතකර සහ අහිතකර බලපෑම්

අන්තර්ජාලය, එහි හිතකර සහ අහිතකර බලපෑම් 



ප්‍රභාත් විතානගේ -2008

මෙය මා 2008 වසරේදි ජනමාධ්‍ය පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ගවේෂණාත්මක ලිපියකි.


01. අන්තර්ජාලය හ`දුනාගනිමු.


අන්තර්ජාලය, වර්තමාන ලෝකයේ ජනප‍්‍රිය මෙන්ම ප‍්‍රබලම ජනසන්නිවේදන මාධ්‍යයක් වෙමින් පවතී. අන්තර්ජාලය හෙවත් ඉන්ටර්නෙට් සිය මූලික සංකල්පයෙන් ඔබ්බට ගොස් නූතන මානවයාගේ සුඛෝපභෝගීත්වය මෙන්ම විනෝදාශ්වාදය වර්ධනය කරන මාධ්‍යයක් ලෙස ද සුවිශේෂි වූ කාර්යයක නිරත වෙයි. අන්‍යෝන්‍යය වශයෙන් සැතපුම් සිය දහස් ගණනක් දුරක සිටින්නන් කිහිප දෙනෙකුට සජීවී ව තම අදහස් හුවමාරු කර ගැනීමේ මනඃකල්පිත අවකාශයක් නිර්මාණය කිරීමේ සිට එවන් දුරක සිටින්නෙකුට තම මුදල් ගෙවා ක්ෂණයකින් සේවාවක් ලබා ගැනීම දක්වා පුළුල් වූ පරාසයක යටිතල පහසුකම් සපයන්නා සේම අපූර්ව නිමැවුම්කරු ද අන්තර්ජාලයයි. 

ගෝලීයකරණ සංකල්පය තුළ නව තොරතුරු සමාජයක් නිර්මාණය කරමින් නව අන්තර්ජාතික ආර්ථික රටාවකට මුළු ලොවම විශ්ව ගම්මානයක් ලෙස ප‍්‍රවේශ කරන්නට මෙම ‘‘අන්තර්ජාලය’’ හේතු වී ඇත. එමෙන්ම සාම්ප‍්‍රදායික විවිධ ක්ෂේත‍්‍රයන් නව ස්වරූපයකින් අන්තර්ජාලගත කරමින් නව තර`ගකාරී පරිසරයක් නිර්මාණය කරන්නට ද අන්තර්ජාලය මූලික වී ඇත. 

ලෝකයේ ජනගහනයෙන් 20% ක ප‍්‍රමාණයක් ද, ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 428,000 ක්, එනම් 2% ක ප‍්‍රමාණයක් ද 2008 මුල් භාගය වන විට අන්තර්ජාලයේ කිනම් හෝ කාර්යයක යෙදෙමින් එහි ප‍්‍රයෝජනය ගෙන ඇත. මෙය වර්ෂ 2000 හා සැස`දීමේදී ලෝක අන්තර්ජාල භාවිතයේ තුන්ගුණයක පමණ වර්ධනයක් ද ශ‍්‍රී ලාංකික අන්තර්ජාල භාවිතයේ දෙගුණයක පමණ වර්ධනයක් ද පෙන්නුම් කරයි. ලෝකයේ ජනගහනය සමස්තයක් ලෙස ගත් කළ දිනක දී ජනමාධ්‍ය ස`දහා වැය කරන කාලයෙන් 10% ක් ජනමාධ්‍යයක් ලෙස අන්තර්ජාලය ස`දහා වැය කිරීමේ ප‍්‍රවණතාවයක් ද දක්නට ලැබේ. එබැවින් අන්තර්ජාලයේ වර්තමාන ස්වරූපය ද එහි සිසු වර්ධනයට ද මෙම දත්ත සාක්ෂි දරයි. 

02. අන්තර්ජාලයේ ඉතිහාසය - ආරම්භයේ සිට වර්තමානය දක්වා


අන්තර්ජාලයේ මූලික සිද්ධාන්තය පරිඝනක ජාලකරණයයි. :ක්‍දපචමඑැර භැඑඅදරනි* ධනවාදී සහ සමාජවාදී ක`දවුරු අතර ශීතල යුද්ධය පැවති අවධියේ එනම් 1957 දී සෝවියට් දේශය විසින් ලොව ප‍්‍රථම කෘත‍්‍රිම චන්ද්‍රිකාව කක්ෂගත කරන ලද අතර ඊට ප‍්‍රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ද යුධමය කටයුතු ස`දහා තාක්ෂණය යොදා ගැනීම පිණිස එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධව ්ඍඡු් හෙවත් උසස් ව්‍යාපෘති ගවේෂණ ආයතනයක් ආරම්භ කරන ලදී. මෙම ආයතනය මගින් 1968 දී පරිඝනක හතරකින් යුත් ජාලකරණ පද්ධතියක් ්ඍඡු්භෑඔ ලෙස හ`දුන්වා දීම අන්තර්ජාල සංකල්පයේ ආරම්භයේ ලෙස සැලකේ. එමෙන්ම 1969 වසරේදී ජාලගත කරන ලද පරිඝනක අතර සන්නිවේදන ක‍්‍රමයක් වන ඔැකබැඑ හ`දුන්වා දුන් අතර 1971 දී ඍඔඡු ප‍්‍රමිතිය ද හ`දුන්වා දෙන ලදී. අන්තර්ජාලය ස`දහා වර්තමානයේ භාවිතා වන ප‍්‍රමිතිකරණයක් වන ඔක්‍ඡුරැෂඡු ප‍්‍රමිතිය හ`දුන්වා දෙන ලද්දේ 1973 දී ඇමෙරිකානු පරිඝනක විද්‍යාඥයෙකු වන වින්ටන් සර්ෆ් විසින් වන අතර මොහු අන්තර්ජාලයේ පියා ලෙස හැ`දින්වේ. මෙහිදී ්ඍඡු්භෑඔ ජාලය ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පිටත ආයතන කීපයකට සම්බන්ධ කර පුළුල් ජාලයක් නිර්මාණය කරන ලදී. 

පරිඝනක ජාලකරන තාක්ෂණය මෙසේ වර්ධනය වූ අතර අන්තර්ජාලය හෙවත් ඉන්ටර්නෙට් යන නාමය මුල්වරට භාවිතා කිරීම අරඹන ලද්දේ 1982 දීය. මින් අනතුරුව නව සොයා ගැනීම් හා වැඩි දියුණු කිරීම් මත විධිමත් ප‍්‍රමිතීන් ඔස්සේ අන්තර්ජාල තාක්ෂණය දියුණු වූ අතර මෙහි විශේෂ අවස්ථාවක් වනුයේ 1989 - 19991 දී උඋඋ තාක්ෂණය සොයා ගැනීමයි. 

අඅඅ යනු වෙබ් අඩවි හා සම්බන්ධ තාක්ෂණය වන අතර එහි නිර්මාපකයා වූයේ බි‍්‍රතාන්‍ය ජාතික ටිම් බර්නර්ස් ලී ය. අන්තර්ජාලය වර්තමානයේ මෙතරම් ජනප‍්‍රිය වීමට මූලිකම සාධකය වී ඇත්තේ නිසි දැනුමකින් හෝ පළපුරුද්දකින් තොරව උපයෝගී කරගත හැකි අඅඅ තාක්ෂණයයි. මේ සම`ගම ්ඍඡු්භෑඔ ජාලකරණය අභාවයට ගිය අතර අඅඅ ආශ‍්‍රිත අන්තර්ජාල තාක්ෂණය සීඝ‍්‍රයෙන් වර්ධනය වෙන්නට පටන් ගැනින. අන්තර්ජාල ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයන් වන්නේ 1993 දී මොසායක් නමින් ප‍්‍රථම වරට වෙබ් අඩවි ප‍්‍රවේශනය කිරීමේ මෘදුකාංගයක් නිර්මාණය කිරීම, අධි ධාරිතාවලින් යුත් :ඉරද්ා ඉ්බා* අන්තර්ජාල සම්බන්ධතා මාධ්‍යයන් සොයා ගැනීම, රැහැන් රහිත තාක්ෂණයේ සොයාගැනීම ආදියයි. මෙම ඉතිහාසය තුළ අන්තර්ජාල තාක්ෂණයේ අධි සීඝ‍්‍ර වර්ධනය මතු කර දීම ස`දහා පහත දැක්වෙන ප‍්‍රකාශනයම ප‍්‍රමාණවත් වේ. 

‘‘දුරකථනය, සිය ග‍්‍රාහක සංඛ්‍යාව මිලියන 50 ක් දක්වා වර්ධනය කරගැනීමට වසර 75 ක් ද රූපවාහිනියට ඒ ස`දහා වසර 13 ක් ද ගත විය. නමුත් අන්තර්ජාලයට එම ග‍්‍රාහක සංඛ්‍යාව ආකර්ශනය කර ගැනීම ස`දහා ගත වූයේ වසර 5 ක් පමණි. 

03. අන්තර්ජාලය - තාක්ෂණික පසුබිම


අන්තර්ජාලයේ තාක්ෂණික ඉතා සරල සිද්ධාන්තයක සිට සංකීර්ණ යෙදීම් දක්වා පරාසයක පැතිර පවතී. මූලික වශයෙන් පරිිඝනක දෙකක් කිසියම් සම්බන්ධක මාධ්‍යයකින් සම්බන්ධ කිරීමෙන් පරිඝනක ජාලයක් නිර්මාණය වේ. මෙම සම්බන්ධක මාධ්‍ය, ජාල ස`දහා විශේෂිත වූ රැහැනක්, දුරකථන මාර්ගයක්, රැහැන් රහිත ගුවන් විදුලි සංඛ්‍යාතයක්, ප‍්‍රකාශ තන්තු මාධ්‍යයක් ආදී වශයෙන් කුමන හෝ ස්වරූපයක මාධ්‍යයක් විය හැක. ජාලයේ දත්ත හා සංඥා හුවමාරු වන වේගය, ධාරිතාව සහ අඛන්ඩව ගලා යාමේ ස්වරූපය මෙම සම්බන්ධත මාධ්‍යයේ ඇති භෞතික හා තාක්ෂණික සාධක මත බලපායි. 
මෙම ආකාරයෙන් එක් කෙටි භෞතික අවකාශයක එනම් එකම ගොඩනැගිල්ලක ඇති පරිඝනක කීපයක් මෙන්ම එකම භූමියේ ප‍්‍රදේශය ගණනාවක ඇති එලෙස සම්බන්ධ වූ පරිඝනක ජාල කීපයක් එකිනෙකට සම්බන්ධ කර පුළුල් පරිඝනක ජාලයක් නිර්මාණය කළ හැක. මෙසේ නිර්මාණය කළ ලෝකයේ විවිධ රටවල ඇති පුළුල් පරිඝනක ජාල විශාල සංඛ්‍යාවක් තවදුරටත් එකිනෙක සම්බන්ධ කරමින් අති විශාල පරිඝනක ජාලයක් නිර්මාණය කළ හැක. මෙසේ නිර්මාණය කරන ලද සුවිශාල පරිඝනක ජාලය අන්තර්ජාලය ලෙස හැ`දින්විය හැක. 

අන්තර්ජාලයේ ඇති සෑම පරිඝනකයටම විශේෂිත වූ ලිපිනයක් ස්ථිරවම හෝ තාවකාලික වශයෙන් ලැබේ. දත්ත සහ සංඥා හුවමාරු වීමේ දී අදාල ග‍්‍රාහකය හා දායකයා හ`දුනා ගැනීම 192.168.14.255 ආකාරයෙන් ඇති ලිපිනයක ආධාරයෙන් සිදු කෙරේ. මෙම ලිපිනයෙන් නිර්මාණය හා අදාළ ප‍්‍රමිතිකරණයන් පිළිබ`ද මෙහෙයවීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති අන්තර්ජාල සමාජය යන ආයතනය හා ඊට අනුබද්ධ ආයතන මගින් සිදු කෙරේ. ඔවුන් හා සම්බන්ධ වී ඇති ලොව පුරා විසිරී සිටින ආයතන ගණනාවක් මගින් වෙබ් ලිපින ලියාපදිංචි කිරීම හා ඉහත ස`දහන් කළ ආකාරයේ ලිපිනයන් ලබා ගැනීම ආදී සේවාවන් ලෝකයේ  ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැක. 

පුද්ගල පරිඝනකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම ක‍්‍රම තුනකට සිදු කළ හැක. එම ක‍්‍රම තුන වන්නේ ස්ථිර වෙන් කරන ලද සම්බන්ධතාවයක් ලබා ගැනීම, ඇමතීමෙන් එම අවස්ථාවට පමණක් පවතින තාවකාලික සම්බන්ධතාවයක් ලබා ගැනීම හා රැහැන් රහිත තාක්ෂණික ක‍්‍රම මගින් ලබා ගැනීමයි. අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීමේ වඩාත් ප‍්‍රචලිතව සහ ලාභදායකම තාක්ෂණික ක‍්‍රමය වී ඇත්තේ ්ෘීඛ තාක්ෂණයයි. වෙනත් බොහෝ තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගැනීමේ දී දුරකථන මාර්ගය භාවිතා කිරීම නිසා දුරකථන සම්බන්ධතාවය අන්තර්ජාලයට සම්බන්ධ වූ අවස්ථාවේ විසන්ධි වී ගිය ද ්ෘීඛ ක‍්‍රමයේදී එසේ සිදු නොවීමත් අධික ධාරිතාවකින් යුතුව දත්ත හුවමාරු කරගැනීමටත් නිසා ්ෘීඛ ක‍්‍රමය ජනප‍්‍රිය වී ඇත. මෙම ක‍්‍රමයන්ගේ අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම ස`දහා අන්තර්ජාල පහසුකම් සපයන්නෙකුගේ සහය ලබාගත යුතු අතරම අප පුද්ගලික පරිඝනකයේ ඒ ස`දහා සුදුසු දෘඩාංග මෙන්ම මෘදුකාංග ද පැවතිය යුතුය. 

ත්‍ඔඡුල ඔැකබැඑල ඪධෂඡුල ීඵඔඡු වැනි විවිධ යෙදීම් ස`දහා විවිධ ප‍්‍රමිතීන් ඔස්සේ අන්තර්ජාල භාවිතයන් තිබියදීත් අඅඅ යෙදීම වඩාත් බහුල ලෙස භාවිතා වේ. මෙමගින් වෙබ් අඩවි පිළිබ`ද තාක්ෂණය බිහි වී ඇති අතර බොහෝ විට අන්තර්ජාලය අඅඅ ට අමතරව තවත් බොහෝ යෙදීම් ස`දහා යොදාගත හැකි බව පුළුල්ව මෙම විෂය ක්ෂේත‍්‍රය හැදෑරීමේ දී අවබෝධ වනු ඇත. 

04. අන්තර්ජාලයේ භාවිතයන් - විවිධ ස්වරූප


අන්තර්ජාලය විවිධ පුද්ගලයන් ලෝකයේ විවිධ ස්ථානවල සිට තමනට අවශ්‍ය කාලවේලාවන් තුළ පරිඝනකයන් මගින්, මොබයිල් දුරකථන මගින් හෝ වෙනත් එවැනි සන්නිවේදන තාක්ෂණික උපකරණ මගින් විවිධ කාර්යයන් ස`දහා යොදා ගනී. අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයන්, රටවල් මෙන්ම භාවිතා කරන කාර්යයන් පිළිබ`දව විශ්ලේෂණය කිරීම, අන්තර්ජාලයේ යහපත් හෝ අයහපත් බලපෑම් පිළිබ`ද විග‍්‍රහ කිරීමට උපකාරී වේ. 

ඇමෙරිකාව විසින් ඡුෑඋ ෂබඑැරබැඑ ්බා ්පැරසජ්බ ඛසෙැ ඡුරදවැජඑ නම් ව්‍යාපෘතිය යටතේ 2007 දී සිදු කරන ලද සමීක්ෂණයක් ආශ‍්‍රයෙන් පහත ස`දහන් දත්ත විශ්ලේෂණයන් ඉදිරිපත් කර ඇත. 

ඇමෙරිකානු වැඩිහිටියන්ගෙන් 75% ක් අන්තර්ජාලය භාවිතා කරයි. වැඩිහිටි කාන්තාවන්ගෙන් 74% ක් අන්තර්ජාල භාවිතා කරයි. 
අවුරුදු 18-29 ත් අතර 92% ක් අන්තර්ජාලය භාවිතා කරන අතර 65 වැඩි වැඩිහිටියන්ගෙන් අන්තර්ජාලය භාවිතා කරන්නේ 37% කි. 
ද්විතීක අධ්‍යාපනය නිම නොකල පිරිසෙන් 38% ක් ද තෘතීයික අධ්‍යාපනය නිම කළ හා ඉන් ඉහළ සුදුසුකම් ඇති පිරිසෙන් 93% ක් ද අන්තර්ජාලය භාවිතා කරයි. 
අන්තර්ජාල භාවිතා කරන්නන් දිනපතා යෙදෙන අන්තර්ජාල ආශ‍්‍රිත කාර්යයන් අතර විද්‍යුත් තැපෑල භාවිතා කිරීම 60% ක් ද සෙවුම් යන්ත‍්‍රයන් ආධාරයෙන් යම් තොරතුරක් සෙවීම 41% ක්ද පුවත් කියවීම 37% ක්ද විනෝද කටයුතු ස`දහා භාවිතා කිරීම් 27% ක් ලෙස ප‍්‍රධාන වර්ගීකරණය කළ හැක. අනෙකුත් කාර්යයන් අතර, වෘත්තියට අදාළ ගවේෂණයන් ස`දහා දත්ත රැස් කිරීම, කාලගුණ වාර්තා ප‍්‍රවේශනය, බැංකු කටයුතුවල නිරත වීම, මිලදී ගැනීමට නියමිත නිෂ්පාදන හා සේවා පිළිබ`ද තොරතුරු සෙවීම, දේශපාලන කරුණු සෙවීම, වීඩියෝ අංග නැරඹීම යන කාර්යයන් අන්තර්ජාලය හරහා සිදු කෙරේ. 

මේ අනුව අන්තර්ජාලයෙන් ලබාගත හැකි සේවාවන් පහත ස`දහන් පරිදි දැක්විය හැක. 
ප‍්‍රවෘත්ති සහ තොරතුරු
ග‍්‍රන්ථ පරිහරණය
මුදල් හුවමාරුව
දුරකථන සම්බන්ධතා
විද්‍යුත් තැපෑල
වීඩියෝ දර්ශන, චිත‍්‍රපට
වෙළෙ`ද ප‍්‍රචාරණය
කාර්යාලීය කටයුතු
සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පැවැත්වීම
පර්යේෂණ කටයුතු




06. අන්තර්ජාලයේ හිතකර බලපෑම්


අන්තර්ජාලයේ බලපෑමට ලක් වූ, ජන සන්නිවේදනය, බැංකුකරණය, වාණිජ්‍යය, පුද්ගල සම්බන්ධතා, කාර්යාලීය කටයුතු, වෙළෙ`දාම, අධ්‍යාපනය ආදී විවිධ ක්ෂේත‍්‍ර නව මංපෙත් හරහා එහි සාම්ප‍්‍රදායික සීමාවන් බි`දලමින් මිනිස් ශිෂ්ඨාචාරයේ සාමාජීය, ආර්ථික තත්වයන් ඉහළ දමන්නට උපකාරී වී ඇත. මෙවැනි අන්තර්ජාලයේ යහපත් බලපෑම් කීපයක් සැකෙවින් විග‍්‍රහ කිරීම මෙම පරිච්ඡේදයේ අරමුණයි. 

නව තොරතුරු සමාජයක් බිහි වීම :ෂබදෙරප්එසදබ ීදජසැඑහ* 
 ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය විවිධ තොරතුරක් අන්තර්ජාලය පරිශීලනයෙන් මොහොතකින් ලබාගැනීමට හැකි වී ඇත. 1991 දී බිහි වූ වෙබ් අඩවි සංකල්පය තුළින් අද වන විට වෙබ් අඩවි මිලියන 23 ක් පමණ අන්තර්ජාලයට එක් වී ඇත. තම අවශ්‍ය තොරතුරු කඩිනමින් ගවේෂණය කිරීම ස`දහා පහසුකම් සපයන සෙවුම්යන්ත‍්‍ර ද සැලකිය යුතු ප‍්‍රමාණයක් අන්තර්ජාලයට එක් වී ඇති අතර අවශ්‍ය තොරතුරු නිසි ඉලක්කය මත හඹාගොස් ඉදිරිපත් කිරීමට සමත් දියුණු තාක්ෂණයක් මෙම සෙවුම් යන්ත‍්‍ර සතු වේ. මෙවැනි තොරතුරු අක්ෂර සමග විද්‍යුත් පත‍්‍රිකා ලෙසින් පමණක් නොව ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයන්ගෙන් ද ලබා ගැනීමේ පහසුව වර්තමාන අන්තර්ජාලය තුළ පැවතීම ද විශේෂත්වයකි. තොරතුරක් ලබා ගන්නවා සේම තම සිතැ`ගි තොරතුරු අන්තර්ජාලයට ඉතා සුළු කාලයක් තුළ අවම දැනුමක් හා පළපුරුද්දක් යටතේ එක් කිිරීමෙන් එය බිලියන සංඛ්‍යාත ජනතාවට ලබා දීමේ හැකියාව ද අන්තර්ජාලය සතු වේ. 

ලෝකයා ස`ද තරණය කිරීම පිළිබ`ද තොරතුරු හා අදාළ ඡුායාරූප ද, පුරාණ මිසරයේ ටුටුනාමන් රජතුමා පිළිබ`ද, ලංකාවේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ගැන මෙන්ද නොබෝදා මියන්මාර් දේශයේ ඇති වූ භූමිකම්පා ව්‍යසනය පිළිබ`දව ද පාලන් :ඡු්ක්බ* නම් අප‍්‍රකට රාජ්‍යය පිළිබ`දව ද දෘෂ්ඨියන්ගෙන් යුතු තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගත හැක. 

නව ආර්ථික ක‍්‍රමයක් බිහි වීම
අන්තර්ජාලයේ බලපෑම ඉතා ප‍්‍රායෝගික මෙන්ම ක‍්‍රියාකාරී ලෙස ද එල්ල වූ ක්ෂේත‍්‍රයන් ලෙස මූල්‍ය, බැංකු, වාණිජ්‍යය ක්ෂේත‍්‍ර හ`දුනාගත හැක. මෙම ක්ෂේත‍්‍රයන්ගේ විද්‍යුත් පරිවර්තන හරහා නව ආර්ථික ක‍්‍රමයක් හෙවත් විද්‍යුත් වාණිජ්‍යයෙන් බල ගැල්වූ අන්තර්ජාල ආර්ථික රටාවක් බිහිවෙමින් පවතී. සාම්ප‍්‍රදායික වෙළෙ`දපොල :ඵ්රනැඑ ඡුක්ජැ* විද්‍යුත් වෙළෙ`ද විද්‍යුත් අවකාශයක් :ැ ප්රනැඑ ිච්ජැ* ලෙස පරිවර්තනය වී ඇත. 

මෙම නව ආර්ථික ක‍්‍රමයේ විශේෂ ලක්ෂණය වන්නේ, භෞතිකමය ලෙස මුදල් භාවිතා නොවීම, භෞතිකමය දුරස්ථ භාවය 0 දක්වා අඩුවීම නිසා ‘‘ප‍්‍රවාහනය’’ යන සංකල්පය වෙනස්වීම, නව විද්‍යුත් සේවාවන් බිහි වීමයි. මුදල් හුවමාරුව විද්‍යුත් මුදල් ලෙස අන්තර්ජාලය හරහා තම බැංකු ගිණුම් මගින්, ක්‍රෙඩිට් පත් හා ඩෙබිට් කාඞ් මගින්, ස්මාර්ට් කාඞ් පත් මගින් හෝ අන්තර්ජාල ආශ‍්‍රිතව ඇති ැච්ක වැනි විද්‍යුත් ගිණුම් මගින් සිදු වේ. බොහෝ බැංකු හා මූල්‍ය ආයතන මෙම පරිවර්තනය හමුවේ අන්තර්ජාලය තෙක් තම සේවාවන් ව්‍යාප්ත කර ඇති අතර ැච්කල ැඉ්ටගගගගග වැනි නව අන්තර්ජාල මූල්‍ය සමාගම් ද බිහි වී ඇත. 

වර්තමානයේ දී බැංකු ගිණුමක ශේෂය දැන ගැනීම හා තම ගිණුමේ මුදල් යොදවා වෛද්‍යවරයෙකු චැනල් කිරීම, වෙනත් ගිණුමකට මුදල් හුවමාරු කිරීම, දුරකථන බිලක් ගෙවීම වැනි සේවාවක් ස`දහා මුදල් ගෙවීම හා එම සේවාව මිළ දී ගැනීමේ සිට රාත‍්‍රී කෑම වේල ස`දහා ‘‘පීසා’’ නිවසට ගෙන්වා ගැනීම වැනි භාණ්ඩ ආශ‍්‍රිත ගනුදෙනු ද මෙම නව ආර්ථික රටාව හරහා ක්ෂණයකින් සිදු කර ගත හැක. 

මෙම ආර්ථික ක‍්‍රමයේ විශේෂ ලක්ෂණයක් වී ඇත්තේ එයින් පිවිසි ව්‍යාපාර අන්තර් සහයෝගීතාවයෙන් යුතුව නව ආරක තර`ගකාරී ක‍්‍රමවේදයකට පිවිසීමයි. :ක්‍ද ැඩ්කම්එසදබ* එම නව තර`ගකාරී රටාව හේතුකොට මෙම ක්ෂේත‍්‍රය මෙම ව්‍යාපාරවල සාමූහික ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස සීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතී.  

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව
අධ්‍යාපන ක්ෂේත‍්‍රය ද අන්තර්ජාල භාවිතය සම`ග නව මංපෙත් ඔස්සේ දියුණු වෙමින් පවතී. වෙබ් තාක්ෂණය හරහා හ`දුන්වා දෙනු ලැබූ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය මගින් අන්තර්ජාලය භාවිතා කරමින් පුද්ගලයෙකුට වෙනත් රටක පවතින අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදා වී ඇත. ැ කැ්රබසබට ලෙස බිහි වී ඇති මෙම නව ක‍්‍රමවේදය මගින් ශිෂ්‍යයෙකුට අන්තර්ජාලය ඔස්සේ නිසි පාඨමාලාවකට අයදුම් කිරීම හා මුදල් ගෙවා  ලියාපදිංචි වීමේ හැකියාවක් පවතී. පාඨමාලාවට අදාල සියළුම අධ්‍යයන ද්‍රව්‍ය අන්තර්ජාලයේ එම පාඨමාලාවට අදාල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර තමන් විසින් නිම කර පැවරුම් ආදිය එම වෙබ් අඩවියට එක් කිරීම තුළින් අදාළ ආයතනයට ලබාදිය හැක. අධ්‍යාපන ආයතනයේ දේශන ද වීඩියෝ ගොනු ලෙසින් ශිෂ්‍යයන්ට නැරඹීමේ හැකියාව ද ඇත. එලෙසම දේශකයන් හා අනෙකුත් ශිෂ්‍යයන් සමග සජීවීව සාකච්ඡුා කිරීමේ අවස්ථාව ලබා දෙන ැගජදකක්ඉදර්එසදබල ජය්එල දෙර්ප වැනි තාක්ෂණික යෙදීම් ද මෙවැනි වෙබ් අඩවීන්ට එක් කර ඇත. අවසාන වශයෙන් ශිෂ්‍යයන්ගේ අවසාන පරීක්ෂණයට ලෝකයේ එකම වේලාවක් තුළදී අන්තර්ජාලය තුළදී ඔවුන්ට මුහුණ දීමේ අවස්ථාව ද ඇත. මෙම ක‍්‍රමවේදය කොතරම් දියුණු වී ද කිවහොත්, ශිෂ්‍යයන් හා ගුරුවරුන් සාම්ප‍්‍රදායික ලෙස හමු වී කෙරෙන අධ්‍යයන දේශන ශාලාවන් විද්‍යුත් පන්තිකාමර :ැ ජක්ිි රදදප* ලෙස පරිවර්තනය වී අන්‍යෝන්‍යය වශයෙන් එකිනෙකා ස්පර්ශ කිරීමේ හැකියාව පමණක් සීමා වූ නව සංකල්පයන් බිහි වී ඇත. ශිෂ්‍යයන්ට ක්ෂේත‍්‍ර චාරිකා තුළින් ලබාදෙන ප‍්‍රායෝගික දැනුම පවා ලබාදීමට සමත්  ර්‍ණඪසරඑම්ක ඔදමරි” නම් තාක්ෂණය තුළින් සජීවී ක්ෂේත‍්‍ර අත්දැකීම එලෙසම ඊටත් වඩා පහසු පරිසරයක සිට ලබා ගැනීමට ශිෂ්‍යයන්ට හැක. මේ නිසා අන්තර්ජාලය තුළින් ලබන අධ්‍යාපනය ප‍්‍රායෝගික නැතැයි යන මතය බි`දලමින් එය නව ප‍්‍රමිතීන් අනුව වර්ධනය වෙමින් පවතී. 

 ර්‍ණැ කැ්රබසබට” ක‍්‍රමවේදයට අමතරව වර්තමානයේ බොහෝ විශ්ව විද්‍යාල තම වෙබ් අඩවි පවත්වාගෙන යන අතර එය ශිෂ්‍යයන්ගේ පාඨමාලා සම්බන්ධිකාරකයෙකුගේ කාර්ය ඉටු කරයි. එමෙන්ම විද්‍යුත් පුස්තකාලය ද අධ්‍යාපනයේ ප‍්‍රගමනයකි. මෙමගින් මෙතෙක් මුද්‍රිතව පැවති පාඩම් මාලා හා ප‍්‍රකාශන අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇතැම් විට ඒවා ශ‍්‍රවනය කිරීමේ අවස්ථා ද උදා වී ඇත. 

මෙම අධ්‍යාපනයේ පරිවර්තනය සලකා බැලීමේ දී පුද්ගලයෙකුට අන්තර්ජාල සම්බන්ධතා අති පුද්ගලික මොබයිල් දුරකථනයක ආධාරයෙන් තම රැකියාව කරන අතරතුරම ප‍්‍රකට විදේශීය විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබා ගැනීම අවස්ථාව වැඩි ඈතක නොවනු ඇත. 

අන්තර්ජාලය - විනෝදාශ්වාදී මාධ්‍යයක් ලෙස
අන්තර්ජාලය, තොරතුරු සන්නිවේදනය ස`දහාය :සබදෙරප්එසදබ* යන මූලික හරය ඉක්මවමින් එය අද පුද්ගල රසාස්වාදය ස`දහා :සබදෙඒසබපැබඑ* වන මාධ්‍යයක් ලෙස ද ප‍්‍රචලිත වී ඇත. පරිඝනකයේ බහු කාර්ය :පමකඑසඒිනසබට* ලක්ෂණයන් අන්තර්ජාලයේ බහුමාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් නිසා අද පුද්ගලයෙකුට අන්තර්ජාලය භාවිතයෙන් විවිධ වූ විනෝදාත්මක කටයුතුවල යෙදිය හැක. චිත‍්‍රපට නැරඹීම, රූපවාහිනිය නැරඹීම :ෂබඑැරබැඑ ඔඪ* ගුවන් විදුලිය ශ‍්‍රවනය, අවශ්‍ය ගීත, චිත‍්‍රපට නොමිලයේ හෝ මුදල් ගෙවා වෙබ් අඩවි තුලින් බා ගැනීම :ෘදඅබකද්ාසබට* වැනි හැකියාවන් අන්තර්ජාලය සතුය. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ විවිධ ක‍්‍රීඩා සජීවීව කීප දෙනෙකු සමග කිරීමේ අවස්ථාවන් උදා කරන අන්තර්ජාල ක‍්‍රීඩා අඩවි ද බහුලව පවතී. ජය්එ වැනි සන්නිවේදන ක‍්‍රම මගින් ද ඇතැම් පුද්ගලයන්, විශේෂයෙන්ම ළමා වයසේ පසුවන්නන් හා තරුණයන් තම විනෝදය ලබා ගැනීමට පුරුදු වී සිටිති. 

මුද්දර එකතු කිරීම, මුදල් නෝට්ටු එකතු කිරීම වැනි සාම්ප‍්‍රදායික විනෝදාංශ වර්තමානයේ වඩාත් පුළුල්ව කරගෙන යාමට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගැනීමටත් එවැනි විනෝදාංශ ප‍්‍රිය කරන්නන් ස`දහාම වෙන් වූ වෙබ් අඩවි ආශ‍්‍රිත විද්‍යුත් සමාජ මගින් එවැනි තොරතුරු හුවමාරු කර ගැනීමටත් නිසා ඒතුලින් විනෝදාශ්වාදය ලබා ගැනීමේ අවස්ථාව වඩාත් පුළුල් වී ඇත. 

සමාජ සන්නිවේදනය පුළුල් වීම
සමාජ ජාලකරණය :ීදජස්ක භැඑඅදරනසබට* සංකල්පය මත විවිධ පුද්ගලයන්ට තම පරිඝනකය ඉදිරියේ සිටිමින් සමාජයේ විවිධ පුද්ගලයන් සම`ග සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව උදා වී ඇත. මොවුනොවුන් එකිනෙකා සජීවීව දැක බලා ගැනීමේ හැකියාව ද වර්තමානයේ උදා වී තිබීම මෙම සංකල්පයේ ඇති වර්ධිත භාවය පෙන්නුම් කරන්නකි. ක්‍ය්එල ගගගගගගගගගල දෙරමප වැනි විවිධ ක‍්‍රමවේදයන් මගින් විවිධ පුද්ගලයන්ට සමාජයේ තවත් විවිධ පුද්ගලයන් සම`ග සජීවී සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව උදාවීම තුළින් සමාජ එකමුතුව, දැනුවත්භාවය, අත්දැකීම් බෙදා හදා ගැනීම ආදිය වර්ධනය වී ඇත. ඇන්ටාටිකාව වැනි ශීතල ප‍්‍රදේශයක හෝ ඇමසන් වනාන්තර මධ්‍යය වැනි මිනිසුන් රහිත ප‍්‍රදේශයක තනි වූ පුද්ගලයෙකුට ආහාර හැරුණු විට අන්තර්ජාල සම්බන්ධතාවයක් මගින් ලෝකයා සමග සාමාන්‍ය පරිදිම බොහෝ ආකාරයේ සම්බන්ධතා පැවැත්වීමේ අවස්ථාවක් පවතී. 

විදේශ රටක සිටින්නෙකුට ලිපියක් තැපැල් කිරීම හෝ දුරකථන ඇමතුමක් දීමට වඩා පිරිවැයෙන් අවම වූද කාර්යක්ෂමතාවයකින් උපරිම වූ ද ධාරිතාවෙන් ද උපරිම වූ ද සන්නිවේදන මාධ්‍යයක් ලෙස ‘‘විද්‍යුත් තැපෑල’’ ලෝකයේ සමාජ, ආර්ථික තත්ත්වයන්ට යහපත් බලපෑම් කරන්නට පටන් ගෙන ඇත. 

කාර්යාලීය කටයුතු කාර්යක්ෂම වීම
කාර්යාලය තුළ හා වෙනත් දුරස්ථ කාර්යාල අතර ද කාර්යාලයේ සේවකයෙකුට තම නිවසේ සිටද කාර්යාල කටයුතු කිරීම ස`දහා අන්තර්ජාලය විවිධ ආකාරයට ප‍්‍රයෝජනවත් වේ. කාර්යාල තුළ භාවිතා වූ මෘදුකාංග වෙබ් ස්වරූපයෙන් අන්තර්ජාලගත කිරීම, නිවසේ සිට සිය කටයුතුල යෙදීමට ඍැපදඑැ ්ජජැිි වැනි තාක්ෂණයන්ද වර්ධනය වී ඇත. එමෙන්ම මෙතෙක් කාර්යාල තුළ භාවිතා වූ අන්තර් දුරකථන පද්ධතියක් හ`දුන්වා දීම නිසා එහි පිරිවැය මෙන්ම කාර්යක්ෂමතාව අතින් ද කාර්යාලවලට වාසි ලබාගත හැකි වී ඇත. තම ආයතනයේ වෙබ් අඩවිය මගින් තම අභ්‍යන්තර සේවකයන් ස`දහා අවශ්‍ය චක‍්‍රලේඛ හා වෙනත් තොරතුරු  ඕනෑම ස්ථානයක සිට ප‍්‍රවේශ කර ගැනීමට අවස්ථාව ලබා දීම හා ටෙන්ඩර් වැනි මිලදී ගැනීම් වෙබ් අඩවිය තුළ ප‍්‍රදර්ශනය කරමින් ැ චරදජමපැබඑ” සේවාවන් මගින් එම කටයුතු කඩිනමින් කර ගැනීමට ද හැකි වීම මෙම ක්ෂේත‍්‍රය ලැබූ දියුණුවකි. 

එකම භෞතික ස්ථානයක සිට කටයුතු කිරීම වෙනුවට විවිධ ස්ථානයන්හි සිටිමින් ‘‘අන්තර්ජාල අවකාශය’’ නම් අභෞතික ස්ථානයේ එක්රැස් වී කටයුතු කිරීම හෙවත්  ර්‍ණඪසරඑම්ක ඨරදමච’’ තාක්ෂණය මේ සාම්ප‍්‍රදායික කාර්යාල ක‍්‍රමයට නව මුහුුණුවරක් ලබා දී ඇත. 

පරිසරය කෙරෙහි අන්තර්ජාලයේ හිතකර බලපෑම් 
අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු වීම නිසා, ප‍්‍රවාහන අවශ්‍යතා අවම වී ඇති අතර ලිපිගොනු, කැසට්පට, පොත්, තැටි වැනි ද්‍රව්‍යමය භාණ්ඩ වෙනුවට විද්‍යුත් ආකාරයේ විද්‍යුත් ගොනු, විද්‍යුත් ප‍්‍රකාශන වැනි ස්පර්ශ කළ නොහැකි ද්‍රව්‍ය බිහි වී ඇත. මේ නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස් වීමෙන් හා ඒවා විනාශ කිරීමෙන් සිදුවන පරිසර ¥ෂණය ද ප‍්‍රවාහන ඉන්ධන නිසා සිදුවන පරිසර ¥ෂණය ද සැලකිය යුතු ලෙස අවම වී ඇත. එළෙසම බැංකු වැනි ස්ථානයන්හි මහජන තදබදය ද අඩු වෙයි. 

පරිසරය ගවේෂණය කිරීම පිළිබ`ද නව ක‍්‍රමවේදයන් බිහි වීමද අන්තර්ජාලය හරහා සිදු වී ඇත. කණ්ඩායම් වශයෙන් පරිසර පද්ධති තුළට ගොස් කරන පරිසර හා වනසතුන් නිරීක්ෂණ කටයුතුවලදී පරිසරයට හා වනසතුන්ට වන හානිය සැලකිය යුතු ප‍්‍රමාණයක් ගනී. නමුත් ............ වැනි වෙබ් අඩවි තුළින් විවිධ වනාන්තර හා පරිසර පද්ධති ආශ‍්‍රිතව ඉලක්ක කර ස්ථාපනය කර ඇති ‘‘වෙබ් කැමරා’’වල දර්ශන සජීවී ලෙස දැකගත හැක. මෙය කොතරම් අපූර්වදැයි කියතොත්, සජීවීව පරිසර පද්ධති තුළට ගොස් වි`දින අත්දැකීම එලෙසම ත‍්‍රිමාන ආකාරයෙන් වි`ද ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවි තුළින් ඉටු වේ. 

රාජ්‍ය පරිපාලනයේ සම්බන්ධ ැ ටදඩැරබපැබඑ සංකල්පය 
රජයේ සියළු ඒකකවල තොරතුරු එක්කර අන්තර්ජාලයේ ස්ථාපනය කර ඇති වෙබ් අඩවි තුළින් එම ආයතනවලට භෞතික ලෙස නොගොස් එහි සියළු කාර්යයන් කරගත හැකි තත්ත්වයක් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල ක‍්‍රියාත්මක වේ. රජයෙන් ලබාගත යුතු සේවාවන් සම්බන්ධයෙන් සජීවී උපදේශන සේවාවන් ද මෙම වෙබ් අඩවි තුලින් සැපයේ. ශ‍්‍රී ලංකාවේද මෙම සංකල්පය අනුව රජයේ සියළු තොරතුරු කේන්ද්‍රගත කර විද්‍යුත් තොරතුරු කේන්ද්‍රයක් :ඇඉ චදරඒක*ල ටදඩගකන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ප‍්‍රමුඛ රාජ්‍ය ආයතන මෙම ටදඩගකන ට අනුබද්ධව තම වෙබ් අඩවි ද නිර්මාණය කෙරෙමින් පවතී. 

ව්‍යාපාර ලෝකයේ නව ප‍්‍රවණතා
අන්තර්ජාලය නිසා ව්‍යාපාර ක්ෂේත‍්‍රය නව මාවතකට අවතීර්ණය වී ඇත. අන්තර්ජාලය ආශ‍්‍රිත වෙනමම ව්‍යාපාර ක්ෂේත‍්‍රයක් බිහි වී ඇති අතරම වෙනත් ව්‍යාපාර තම පරාසය අන්තර්ජාලය දක්වා විහිදුවමින් පුළුල් වන්නටත් පටන් ගෙන ඇත. අන්තර්ජාල ආශ‍්‍රිත විශේෂ ව්‍යාපාර වන්නේ, ්ප්‘දබගජදප වැනි භාණ්ඩ හා සේවා කරගෙන යන ව්‍යාපාර,         වැනි විවාහ ස`දහා සුදුසු සහකරු සහකාරිය සොයා දෙන ව්‍යාපාර,      වැනි ගීත චිත‍්‍රපට, විනෝදාත්මක කටයුතු අලෙවිකරන ව්‍යාපාර ඊ2ඊ (ව්‍යාපාරයක සිට තවත් ව්‍යාපාරයක් දක්වා* ඊ2ක්‍ (ව්‍යාපාරයක සිට පාරිභෝගිකයා දක්වා* ඊ2ඨ (ව්‍යාපාරයක සිට රජය දක්වා* වැනි ආකාරයෙන් ක‍්‍රමවත් වූ සැලසුම් අනුව පවත්වාගෙන යනු ලබයි. 

මෙම සමහර ව්‍යාපාරයන්හි ඇති විශේෂ ලක්ෂණය වන්නේ නියමිත භෞතික කාර්යාලයක් නොවීමය. එමෙන්ම ඇතැම් ව්‍යාපාරයන්හි සේවකයන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල සිට අන්තර්ජාලය හරහා තමන් කිසි දිනෙක සජීවීව නොදුටු සේව්‍යයන් හා පාරිභෝගිකයන් සමග කටයුතු කරයි. මේ නිසා නව රැකියා අවස්ථා බිහිවීම අන්තර්ජාලයේ හිතකර බලපෑමක් ලෙස දැක්විය හැක. 

ආබාධිතයන්, සමාජයෙන් කොන් කළ පිරිස් ස`දහා අන්තර්ජාලය 
අන්තර්ජාලය නම් සයිබර් අවකාශයේ සැරිසරන්නන් ඔවුනොවුන්ගේ ප‍්‍රසන්න බව, විලාසිතාව වැනි භෞතික ගුණාංගවලින් වෙන් කොට ගත නොහැකිය. එහෙයින් සමාජයෙන් කොන් කරන ලද විවිධ වසංගත රෝගීන්, අපරාධකරුවන් වැන්නවුන්ට විවිධ සම්බන්ධතා පවත්වා ගැනීමටත්, සමාජය තුළට භෞතික ලෙස නොගොස් විවිධ රසාස්වාදී කටයුතුවල යෙදීමටත් විවිධ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමටත් එදිනෙදා කටයුතු විශාල ප‍්‍රමාණයක් කර ගැනීමටත් අන්තර්ජාලය මහ`ගු පිටුවහලක් වේ. මොවුන්ට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස අන්තර්ජාලයට පිවිසීමට හැකිවනවා සේම ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ඔවුනටම ආවේණික විශේෂ වෙබ් අඩවි තුළටද පිවිසීමට හැක. උදාහණයක් ලෙස ලාදුරු වැනි වසංගත රෝගීන් ස`දහා වෙනමම වෙබ් අඩවි පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම තමන් වැනි තවත් ආබාධිත පුද්ගලයින් හා සමීප සම්බන්ධතාවයන් පවත්වා ගැනීම තුළින් ඔවුන්ට මානසිකව මෙන්ම ශාරීරිකව ද නැගී සිටිමින් ජීවිතය නව අරමුණක් ඔස්සේ ක‍්‍රියාශීලීව ඉදිරියට ගෙනයාමට අන්තර්ජාලය ඉවහල් වේ. 

අන්තර්ජාලයේ අහිතකර බලපෑම්
තාක්‍ෂණයක දියුණුව සමාජයේ යහපත් කටයුතු ස`දහා යොදාගනිමින් සමාජ ක‍්‍රමය වර්ධනය කරන්නාක් සේම එම තාක්‍ෂණයට විවිධ අයහපත් කටයුතු ස`දහා යොදා ගනිමින් සමාජය ¥ෂණය කිරීමටද  ඕනෑම තාක්‍ෂණයකට සේම අන්තර්ජාලයටද පොදු වේ. නමුත් අන්තර්ජාලය හරහා සිදුවන මෙවැනි අහිතකර බලපෑම් ඉතා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා ඉන් සිදු වන අහිතකර බලපෑම් ඉතා විශාල විය හැක.

අන්තර්ජාලයේ තොරතුරු වල ඇති විශ්වාසනීයත්වය
අන්තර්ජාලය තුල වර්තමානයේ ඇති වෙබ් අඩවි සංඛ්‍යාව ංංංංංං කි. මෙම වෙබ් අඩවි එක් එක් ආයතන මගින් පාලනය වීමක් සිදු නොවන අතර යම් පුද්ගලයෙකු තමා නිවැරදි යයි සිතනා  ඕනෑම තොරතුරක් හෝ හිතාමතාම වැරදි තොරතුරක් නිවැරදි යයි හැ`ෙ`ගන ලෙස අන්තර්ජාලයට එක් කල හැක. එබැවින් අන්තර්ජාලයේ පවතින අති විශාල වෙබ් අඩවි වලින්ද නිවැරදි වෙබ් අඩවිය තෝරාගැනීම ස`දහා අන්තර්ජාල පරිශීලකයා තුල යම් හැකියාවක් මෙන්ම පුරුද්දක්ද තිබිය යුතුයි. එමෙන්ම ඇතැම් පුද්ගලයන් තම දෘෂ්ඨි කෝණ අනුව යම් තොරතුරු අන්තර්ජාලයට එක් කිරීම නිසා එය ‘‘අවුල් ජාලයක්’’ බවට පත්වීමද නොවැලැක්විය හැක.

ලිංගික කටයුතු ස`දහා අන්තර්ජාලය යොදා ගැනීම.
අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේන් 20‍්‍ර  ක් පමණ ලිංගික තොරතුරු ස`දහා එය භාවිතා කරන අතර ළමා වයසේ පසුවන්නන්ගෙන් 30‍්‍ර  ක් පමණ ද ලිංගික කටයුතු ස`දහා භාවිතා කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන ලද සමීක්‍ෂණයකින් හෙලි වී ඇත. මෙලෙස අන්තර්ජාලය  ර්‍ණඡුරදයදටරුයහ” හෙවත් ලිංගික කටයුතු ස`දහා භාවිතා කිරීම ඉතා ක‍්‍රමවත්ව සිදුවේ.

මෙය ව්‍යාපාරයක් ලෙස මහා පරිමාණ වශයෙන් සමහර ආයතන විසින් මෙහෙයවනු ලබයි. නිල් හා ලිංගික ඡුායාරූප ඇතුලත් කිරීම අසභ්‍ය වීඞ්යෝ දර්ශන ඇතුලත් කිරීමේ සිට තම සිතැ`ගි නිරූපක නිරූපිකාව සමග මනක්කල්පිත ලෙස ලිංගික කි‍්‍රයාවල යෙදීම දක්වා වූ බරපතල කාර්යයන් ස`දහා අන්තර්ජාලය යොදා ගැනේ. මෙවැනා ඇතැම් වෙබ් අඩවි ඇතැම් රටවල නීති විරෝධී නොවුනද අන්තර්ජාලය දේශ සීමා මායිම් නොසලකමින් ව්‍යාප්ත වීම නිසා ශී‍්‍ර ලංකාව වැනි උසස් සංස්කෘතිකයක් පවතින රටකට ද නිරායාසයෙන්ම ව්‍යාප්ත වී ඇත. මෙමගින් ව්‍යාපාරිකයන් විශාල ලෙස ආර්ථික ලාභ ලබන අතර පහතින් දක්වා ඇත්තේ එවැනි වෙබ් අඩවියකට උදාහරණයකි. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම තුලින් එහි ඇතුලත් විවිධ වයස් මට්ටම් වල නිරූපන නිරූපිකාවන් සමග සජීවීව චැට් කරමින් ඔබ අණ කරන  ඕනෑම කි‍්‍රයාකාරකමක් කිසිදු සීමාවකින් තොරව ඔබ ඉදිරියේ වෙබ් කැමරාව තුලින් ර`ග දැක්වීමට ඔවුන් සූදානම්ය. එබේ ක්‍රෙඞ්ට් කාඞ්පතින් මුදල් අයකර ගන්නේ ඒ රැ`ගුම නැරඹීම ස`දහා ඔබ ලබා ගත් කාල වේලාව තප්පරයට ගනන් බැලීමෙන් ස්වයංකී‍්‍රයවය. මෙලෙස මෙවැනි කි‍්‍රයාකාරකම් ස`දහා බොහෝ අන්තර්ජාල ග‍්‍රාහකයෝ නිරායාසයෙන්ම ඇබ්බැහි වීම විශාල සමාජ විරෝධී, සමාජ ¥ෂක ප‍්‍රවනතාවයකට මග පාදන්නකි. මෙමගින් ශී‍්‍ර ලංකාව වැනි රටවල සිදුවන සංස්කෘතිමය විනාශය පිළිබ`ද බලධාරීන් විසින් අවධානය යොමුකල යුතුවා මෙන්ම දෙමාපියන්ද තම දරුවන්ගේ අන්තර්ජාල කි‍්‍රයාකලාපයන් පිළිබ`ද විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වී තිබේ.

ත‍්‍රස්තවාදී කටයුතු ස`දහා අන්තර්ජාලය භාවිතය
අන්තර්ජාලයේ පවතින අවම පාලනයන් එයට තොරතුරු එක් කිරීමේ පහසුවත් නිසා ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු සන්නිවේදනය කිරීමේ සහ ත‍්‍රස්තවාදී මත ජනතාව අතරට ගෙනයාමේ පහසුම මාධ්‍ය අන්තර්ජාලය වී ඇත. පහසුම මාධ්‍ය අන්තර්ජාලය වී ඇත. අල්කයිඩා වැනි ත‍්‍රස්තවාදී සංවිධාන තම ප‍්‍රචාරක කටයුතු ස`දහා අන්තර්ජාලය භාවිතා කරයි. ශී‍්‍ර ලංකාවේ ඛඔඔෑ  සංවිධානයද විවිධ වූ සූක්‍ෂම ක‍්‍රමයන් මගින්  තම ප‍්‍රචාරක කටයුතු ස`දහා අන්තර්ජාල භාවිතය නොරහසකි. මෙහි ඇති භයානක කම වන්නේ ඔවුන්ගේ ත‍්‍රස්තවාදී අරමුණු මතුපිටින් ස`ගවා තබමින් විවිධඋපක‍්‍රම තුලින් තම වෙබ් අඩවි ජනපි‍්‍රය කරවමින් වෙනත් ක්‍භභල ඊඊක්‍ වැනි ජනමාධ්‍යන්ටද වැරදි දත්ත සපයමින් ගෙනයන ප‍්‍රචාරක ජාලයයි. මෙසේ විවිධ ත‍්‍රස්තවාදී සංවිධාන තමන් සතු විදේශීය බැංකු තු ගබඩා කර ඇති ‘‘කළු සල්ලි’’ නීත්‍යානූකූලව තම සංවිධාන ගිණුම්වලට බැර කර ගැනීම ස`දහා පසුගිය කාලයේ විද්‍යුත් තැපෑල හරහා විශාල සූක්‍ෂම ව්‍යාපාරයක් ගෙන යන ලදි.

බාහිර ත‍්‍රස්තවාදී කටයුතු ස`දහා අන්තර්ජාලය භාවිතා කිරීම සේම අන්තර්ජාලය තුල ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක කිරීමද බලවත් ගැටළුවක් වී ඇත. විවිධ වෙබ් අඩවි වල දත්ත විකෘති කිරීම, කෙඩිට් කාඞ්පත් අංක සොරකම් කිරීම, වෙබ් අඩවි ඔස්සේ විවිධ ආයතන තුලට ඇතුළු වී එහි දත්ත සොරකම් කිරීම හා වෙනස් කිරීම, සමහර වෙබ් අඩවි මුළුමනින්ම අඩපණ කර දැමීම මෙවැනි ත‍්‍රස්තවාදී කටයුතු වේ. එමෙන්ම විද්‍යුත් තැපෑල හා අන්තර්ජාලයේ වෙන්ත් භාවිතයන් හරහා පරිඝණක වෛරස් වර්ග ව්‍යාප්ත කිරීමටද අන්තර්ජාලයේ විශ්වාසනීයත්වය බි`ද දැමීමට හේතු වෙමින් පවතී. 

මිනිසාගේ සෞඛ්‍ය දුර්වල වීම හා නිර්මාණශීලී බව දුරවල වීම
කාර්යාලීය කටයුතු මෙන්ම මිනිසා තම එදිනෙදා කටයුතු ස`දහා ද අන්තර්ජාලයේ පිහිට පැතීම නිසා මිනිසාගේ විවිධ ස්ථාන වලට ගමන් කිරීම ආදී අංගචලන කටයුතු අවම වී ඇත. එහෙයින් ශරීරයේ අවයව හා අක්‍ෂි පද්ධතිය ස`දහා නියම ව්‍යායාමයක් ලැබීමේ අවස්ථාන මගහැරීයාමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි වී ඇත.

එමෙන්ම මිනිසා විසින් මෙතෙක් තම නිර්මාණශීලීත්වය යොදාගනිමින් කල කාර්යයන් අන්තර්ජාලය මගින් සිදු කිරීමට පටන් ගෙන ඇත. පාසල් පැවරුමක් ස`දහා ගවේශන ශීලීව හා පොත් පත් කියවීමෙන් කරුණු සොයා ගත් ශිෂ්‍යයා වර්තමානයේ අන්තර්ජාලයේ පැය කීපයක් යෙදීමෙන් ඊට අවශ්‍ය තොරතුරු සම්භාරයක් අයාසයකින් තොරව ලබා ගැනීමේ අවස්ථාවට එලැඹී ඇත. මෙලෙස පොදුවේ ගත් කල මිනිසාගේ නිර්මාණශීලී බව යටපත් වී, යාන්ති‍්‍රකව සුකෝපභෝගීව ඉ`දිමින් විවිධ තොරතුරු ඉදිරිපත් කිරීමට පෙලඹීම අනාගත සමාජ ගැටළුවකට මුල පිරීමකි.

මානව හිමිකම් පිළිබ`ද නීති රීති අභිබවා යාම
පුරවැසියන්ගේ මානව හිමිකම් කඩවන ආකාරයේ අපහාසයන් මෙන්ම විවිධ පුද්ගලයන්ගේ චරිතඝාතනයන් අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් ව්‍යාප්ත කල හැක. මෙවැනි හිමිකම් උල්ලංඝණය වීම පාලනය කිරීම ප‍්‍රායෝගිකවද ඉතා අපහසු කාර්යයක් වී ඇත.

අනවසරයෙන් බුද්ධිමය දේපල පිටපත් කරණය හා භාවිතය
යම් පුද්ගලයෙකුගේ ගීත හෝ වෙනත් ප‍්‍රකාශණ නිර්මානයක්, මෘදුකාංගයක් අන්තර්ජාලය ඔස්සේ පිටපත් අසීමිත ලෙස ලොව පුරා ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස මෑතකදී නිකුත් වූ ප‍්‍රසිද්ධ ගායකයෙකුගේ  ගී තැටියක්, අන්තර්ජාලයට උචිත පරිදි සකසා ඊට එක් කිරීම බොහෝ දෙනෙකුට කල හැක. මෙවැනි බුද්ධිමය දේපල විද්‍යුත් වශයෙන් අන්තර්ජාලය හරහා පාලනය කිරීම ප‍්‍රායෝගිකව අපහසු කාර්යයකි.

ෘසටසඒක ෘසඩසාැ අන්තර්ජාලය භාවිත කරන්නවුන් හා ....... භාවිතා කිරීමට පහසුකම් නැත්තවුන් අතර ඇති වන බෙදීම.
අන්තර්ජාල භාවිතය ස`දහා විදුලිය, පරිඝණක පහසුකම් හා අන්තර්ජාල සම්බන්ධකම් වැනි මූලික පහසුකම් තිබිය යුතුය. නමුත් ලෝකයේ සෑම ජනකොටසකටම මෙම පහසුකම් වි`දීමට අවස්ථාව ලැබේදැයි යන්න ගැටළුවකි. සීඝ‍්‍රයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඔස්සේ දියුණුවන ලෝකයේ විශ්වගම්මානය තුල නව තොරතුරු සමාජයේ පිටස්තර පුද්ගලයන් ද සිටී. මොවුන්ට අන්තර්ජාලයේ ප‍්‍රතිලාභ නොලැබීයාම නිසා එය ලබන පිරිස අතර පවතින පරතරය සමාජ ගැටළුවලට හේතු වේ. සමස්ථ සමාජයක දියුණුව යනු එම සමාජය තුල ජීවත්වන සියළු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම සියලූ පුරවැසියන්ට ප‍්‍රතිලාභ ගෙන දෙන්නක් විය යුතුය. සංවර්ධනය නොවූ තෙවන ලෝකයේ රටවල මෙන්ම දුගී රටවලට මෙම විශමතාව දක්නට ලැබේ. ශ‍්‍රී ලංකාවේ කොළඹ දිස්ති‍්‍රක්කය ප‍්‍රමුඛ බස්නාහිර පලාතේ සහ නුවර දිස්ති‍්‍රක්කයේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ංංංංං  කි.  නමුත් අනෙකුත් පලාත් වන එම ප‍්‍රමාණය ..................... කි. මෙනිසා. අන්තර්ජාලය පරීශිලනය කරන්නන්ගේ සුපිරි සමාජයක් නිර්මාණය වෙමින් පවතින අතර එසේ අන්තර්ජාල ස`දහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැති දුෂ්කර ප‍්‍රදේශ තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම රැකියා අවස්ථා ලබා ගැනීම ස`දහාද මෙම විෂමතාව බලපානු ලැබේ.


සමාලෝචනය

අන්තර්ජාලය භාවිතයෙන් සිදුවන යහපත් බලපෑම් සමස්ථ සමාජයේ ප‍්‍රගමනය ස`දහා ඉවහල්කරගත හැකිවා සේම ඉන් ඇති වන අයහපත් බලපෑම් පාලනය කරමින් මහා කළමණාකාරීත්වයකින් යුතුව මෙම කාරණය ඉදිරියට ගෙනයෑම එහි නිමැවුම්කරුවන්, පර්යේෂකයන් මෙන්ම භාවිතා කරන්නන්ගේ ද වගකීමකි. අන්තර්ජාල ව්‍යාපෘතිය ස`දහා භූ විෂමතා ලක්‍ෂන වන ක`දු, පල්ලම්, වනාන්තර ගංගා සැලකිය යුතු බාධක නොවන නිසා ශී‍්‍ර ලංකාව වැනි ¥පත් රාජ්‍යයකට, විශේෂයෙන්ම සාක්‍ෂරතාව ඉහල බුද්ධිමත් තරුණ පිරිසක් වෙසෙන රටක ඉන් ලබා ගත හැකි පල ප‍්‍රයෝජන අපිරිමිතය. පරිඝණයක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේ නම් බුද්ධිමත් පුද්ගලයෙකුට ඉන් ලබා ගත හැකි ආර්ථික ප‍්‍රතිලාභද අපමණය. මේ අනුව ශී‍්‍ර ලංකාව හා අන්තර්ජාලයේ යහපත් සහ අයහපත් ප‍්‍රතිඵල කළමණාකරණයෙන් උපක‍්‍රමශීලී ලෙස ඉන් තර`ගකාරී වාසි :ක්‍දපචැඑසඑසබැ ්ාඩ්බඒටැි* ලබමින් රටේ සංවර්ධනය සීඝ‍්‍ර කර ගන්නා ආකාරය මෙම සමාලෝචනය මගින් විභාග කෙරේ.

රැකියා වෙළ`ද පොළ 
මෘදුකාංග සංවර්ධනය වර්තමානයේ විශාල අදායම් ලබන ව්‍යාපාරයක් වී ඇත. ශී‍්‍ර ලංකාව දැනටමත් මෙම ක්‍ෂෙත‍්‍රය තුලින් ඉදිරියට යාමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කරමින් සිටි. බොහෝ මෘදුකාංග අන්තර්ජලය ඔස්සේ ව්‍යාප්ත කිරීමට හැකි වීමත්, වෙබ් ආශී‍්‍රතව බොහෝ මෘදුකාංග නිර්මාණය වීමත් නිසා මෙම ක්‍ෂේත‍්‍රයේන් ශී‍්‍ර ලංකාව වැනි රටකට ගත හැකි ප‍්‍රතිලාභ ඉතා විශාලය. වර්තමානයේ බිහි වී ඇති ‘‘නිදහස් මෘදුකාංග සංකලනය’’ :ධචැබ ීදමරජැ ීදඓඇ්ර* නිසා මෙම අවස්ථාවෙන් ලංකාවේ උගත් තරුණ තරුණීයන්ට අවම පිරිවැයකින් උපරිම ප‍්‍රතිලාභ ලබමින් විදේශ විනිමය ගෙන ඒමේ අවස්ථා බහුලව වර්ධණය කර ගත හැක. රජයේ හා පෞද්ගලික අංශයේ සහයෝගීත්වයෙන් මෙවැනි මෘදුකාංග අපනයන අවස්ථාවන් ඇති කිරීම කෙටි කාලීන සැලසුම්කරනයකින් වුවද සිදු කල හැක. එමෙන්ම ඊඡුධ ව්‍යාපාරය ක‍්‍රමයන් පිටතින් ලබා ගැනීම වැනි සංකල්ප මගින් විදේශීය එටවල ව්‍යාපාර විධිමත් ලෙස පුළුල් කරමින් එය විදේශීය විනිමය උපයන මාර්ගයක් බවට පත් කල හැක.

e-government (ඉ-රාජ්‍ය පාලනය)
ශී‍්‍ර ලංකා රජය විසින් තම රාජ්‍ය අංශයේ අනතර්ජාල භාවිතය හා අන්තර්ජාල සාක්‍ෂරතාවය ඉහල දැමිය යුතුය. දුෂ්කර පලාතක සිට පැමිණෙන්නෙකුට කොළඹ රාජ්‍ය කාර්යාලයකින් තම කාර්ය ඉටු කර ගැනීමට වැය වන කාලය හා මුදල් ජාතික නාස්තියකි. රාජ්‍ය අංශය තුල පවතින අන්තර්ජාල භාවිතයේ අලසකම හා අතයේ අලසකම හා අවිධිමත් බව නැති කොට ඉතා කාර්යක්ෂම වූ ඉ-රාජ්‍ය සේවයත් නිර්මාණය කිරීම දුෂ්කර ප‍්‍රදේශ තුල යටිතල පහසුකම් සංවර්ධනය කරගන්නා සේම මහ`ගු ප‍්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපෘතියකි. එමෙන්ම දුෂ්කර ප‍්‍රදේශ තුල පරිඝණක ව්‍යාප්තියට මෙන්ම අන්තර්ජාල සම්බන්ධතා ස`දහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම ස`දහා ද රජයේ  මැදිහත් වීම සකි‍්‍රය විය යුතුය. ඉපැරණි ක‍්‍රමවේදයන් වන දුරකථන රැහැන් මගින් ලබා දෙන දුරකථන සම්බන්ධතාව ඔස්සේ අන්තර්ජාල ලබා ගැනීමේ ක‍්‍රමවේදයෙන් ඔබ්බට ගොස් චන්ද්‍රිකා තාක්‍ෂණය, රැහැන් රහිත තාක්‍ෂණ, බ්‍රෝඞ්බෑන්ඞ් තාක්‍ෂණය වැනි නූතන තාක්‍ෂණික ක‍්‍රමවේදයන් භවිතයෙන් අන්තර්ජාල ව්‍යාපෘතියට රජය විසින් සැලසුම් සකස් කල යුතුය. රජයට අනුබද්ධ ෂක්‍ඔ් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණවේදී කාර්යංශය මෙම වගකීම ඉටුකරද එහි කි‍්‍රයාශීලීත් භාවය පිළිබ`දව ගැටළු පැන නගී.

අගනුවරින් ඈත විවිධ පොළොන්නරුව දිසිත‍්‍රික්කයේ පිහිටි මහවිලච්චිය නැමැති ග‍්‍රාමයේ පිහිටුවා ඇති අන්තර්ජාල මධ්‍යස්ථානය අපූර්ව දර්ෂණයකි.

අධ්‍යාපන ක්ක්‍ෂේත‍්‍රයේ අන්තර්ජාලභාවිතය
ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය ස`දහා අන්තර්ජාල භාවිතය දුර්වල මට්ටමක පවතී. ප‍්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල වලින් කිහිපයක් හැරෙන්නට බහුතරයකට ක‍්‍රමවත් වෙබ් අඩවියක්වත් නොමැතිවීමෙන් මෙය ප‍්‍රත්‍යක්‍ෂ වේ. ැ-කැ්රබසබට වැනි සංකල්ප මෙරට තුල ජනපි‍්‍රය කරවීමෙන් රැකියාලාභීන්, විශේෂයෙන්ම වෙළ`ද කලාපයේ තරුණියන්ට පවා වැඩිදුර අධ්‍යාපනයේ නියැලීමේ අවස්ථාවන් ලබා දිය හැක.

ත‍්‍රස්තවාදය ස`දහා පිළිතුරු සැපයීම
අභ්‍යන්තර යුධ වාතාවරණයක් පවතින වර්තමාන ශී‍්‍ර ලංකාව පිළිබ`දව ත‍්‍රස්තවාදීන් අන්තර්ජාලය හරහා ගෙන යන දුර්මත විවේචනය කරමින් මෙරට නාමය නිවැරදි කිරීමට සමත් ප‍්‍රචාරන යන්ත‍්‍රයක් හෝක‍්‍රමදෙයක් අන්තර්ජාලය තුල නොවීම අවාසිදායක වී තිබේ.



සංචාරක කර්මාන්තය
මෙරට ඉතිහාසය, පරිසරය පිළිබ`ද විදේශිකයන් දැනුවත් කර සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධන කිරීමේ ඉතා ඉහල කාර්යබාරයක් අන්තර්ජාලය හරහා සිදුකර හැක. විදේශිකයනට ශී‍්‍ර ලංකාවේ පිහිටි වැදගත් ස්ථාන අන්තර්ජාලය හරයා දැකගෙන මුදල් ගෙවා ගුවන්යානය, ලංකාවේ හෝටලයක් මෙන්ම සංචාරක උපදේශකවරුස වෙන් කරමින් මුළු සංචාරයම සැලසුම් කිරීමේ ක‍්‍රමයක් අන්තර්ජාලය හරහා ස්ථාපිත කිරීම තාම සිදුවී නොමැත.

සංස්කෘතිය හා සදාචාරය සරැකීම
අන්තර්ජාලය යහපත් බලපෑම් පිළිබ`ද ධනාත්මන ආකල්පයක් දරන ශී‍්‍ර ලංකාවටම ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ දේශීය සංස්කෘතිය, සදාචාරය හා සමාජීය හර පද්ධතියට ඉන් එල්ලවන සෘණාත්මක බලපෑම පාලනය කිරීමයි. රූපවාහිනිය සිනමාව වැනි මාධ්‍ය රජයට යටි නීති රීති යෙදීමෙන් පාලනය කල හැකි වුවත් අන්තර්ජාලය පාලනය කිරීම ඉතාමත් දුෂ්කර වීම මෙම අභියෝගය තීව_ර කරයි.

කෙසේ වෙතත් අන්තර්ජාලය තුල නිර්මානය වී ඇති නවතම උප සංස්කෘතිය විසින් ලෝකය නව මාවතකට යොමුකර තිබේ. අන්තර්ජාලය ලබන නිදහස් විශ්වීය ජයග‍්‍රහනයක් වනවා මෙන්ම එමගින් යම් යම් අවස්ථාවන් වලදී මානවයාගේ භෞතික සදාචාරාත්මක පිරිහීමක් ද දෘෂ්‍යමාන කරයි. ඉදිරි සියවස වර්තමානයේ අප සිතනවාටත් වඩා ඉදිරියට ගොස් පූර්ණ වූ විද්‍යූත් ලෝකයත් :ැ-අදරකා* නිර්මාණය කරනු ඇති අතර ලෝක ප‍්‍රජාව මනා වැටහීමකින් හා වගකීමකින් යුතුව එය භාවිතා කරන්නේ නම් ලෝකය, අන්තර්ජාලය ජයගනු ඇත.

4.2 වෙබ් ස`ගරා ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රමවේදය

විශ්ලේෂණය ස`දහා තෝරාගන්නා ලද සියලූම වෙබ් ස`ගරා ලකුණු දීමේ ක‍්‍රමයක් මගින් ශ්‍රේණිගත කිරීමට පියවර ගන්නා ලදී. මෙම ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රමවේදය පහත ස`දහන් පරිදි විස්තර කෙරේ.

1. ආකර්ශනීය බව -Attractivity
වෙබ් අඩවියක් පුද්ගලයෙකු මුලින්ම දුටු විට එය තවදුරටත් පරිශීලනය කිරීමට ඇ`ද බැ`ද තැබීමේ හැකියාව මෙමගින් සැසෙ`ද්. භාවිතා කර ඇති වර්ණ සංයෝජනය රූප හා ඡුායාරූපයන් හි ආකර්ශනීය බවද මීට අයත් වේ. උපරිම ලකුණු සංඛ්‍යාව 10 කි. 

2. තොරතුරුවලින් සම්පූර්ණ බව - Information richness  
මෙහිදී වෙබ් අඩවියේ ඇති තොරතුරු ප‍්‍රමාණය හා පසුගිය තොරතුරු ලබා ගැනීමේ හැකියාව සලකා බැලේ. උපරිම ලකුණු සංඛ්‍යාව 10 කි.

3. උ38 සම්මුතීන්ට අනුකූල බව - W3C Standard
වෙබ් අඩවි නිර්මාණයේදී පිළිගත් සම්මත ක‍්‍රමයක් වන උ3ී ක‍්‍රමය යටතේ එම වෙබ් අඩවියේ ඇති දිගුවන් :කසබනි* ගේ ක‍්‍රියාකාරී බව, තිරයට මනාව ග‍්‍රහනය වීම ආදී කරුණු කීපයක් පිළිබ`දව සලකා බැලේ. උපරිම ලකුණු සංඛ්‍යාව 10 කි.

4. කඩිනමින් වෙබ් අඩවියේ අදාළ පිටුව තිරයේ දිස්වීම -loading
අදාළ වෙබ් පිටුව සම්පූර්ණයෙන්ම දිස්වීමට ගත වූ කාලය මෙමගින් සලකා බැලේ. 
උපරිම ලකුණු සංඛ්‍යාව 10 කි.

5. යාවත්කාලීන කිරීමේ පහසුව - Updating Facility
වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ගතවන කාලය හා යොදන ශ‍්‍රමය පිළිබ`දස සලකා බැලේ. උපරිම ලකුණු සංඛ්‍යාව 10 කි.

6. යාවත්කාලීන කිරීමේ කාල පරතරය –Updating Time  
මොහොතෙන් මොහොත යාවත්කාලීන කරයිනම් ලකුණු 10 ක් ද දිනපතා නම් 8 ක් ද සතිපතා නම් 5 ක් ද අක‍්‍රමවත්ව නම් 2 ක් ද ලෙස හිමි වේ.

7. ශ‍්‍රව්‍ය දෘශ්‍ය කොටස්වල අන්තර්ගත බව – Audio, videos  
වෙබ් අඩවියේ වීඩියෝ දර්ශන ඇතුළත් නම් ලකුණු 10 ක් ද ශ‍්‍රව්‍ය කොටස් ඇතුලත් නම් ලකුණු 5 ක් ද හිමි වේ.

8. අන්තර් සම්බන්ධතා පැවැත්විය හැකි ක‍්‍රමවේදයන් – Interactivity  
චැට් කිරීමේ හැකියාවට ලකුණු 10 ක් ද, සාකච්ඡුා කිරීමේ :ත්‍දරමපරැඉකදට* හැකියාවට ලකුණු 5 ක් ද වෙනත් අයුරකින් පාඨකයන් සම්බන්ධ කර ගැනීමේ හැකියාවකට ලකුණු 2 ක් ද හිමි වේ.

9. යුනිකෝඞ් අක්ෂර භාවිතය
මේ ස`දහා ලකුණු 5 ක් හිමි වේ

10. වෙනත් උපාංග/මොඩලයන් එක් කිරීම
මේ ස`දහා උපරිම ලකුණු 5 ක් හිමි වේ

මෙම ක‍්‍රමවේදය අනුව පහත ස`දහන් ලෙස වෙබ් අඩවි සදඟා ලකුණු ප‍්‍රදානය කළ අතර පසුව ඒවා එකතු කරන ලදී. මෙහිදී ලෝකයේ ප‍්‍රබල වෙ අඩවියක් වන ඊඊක්‍ වෙබ් අඩවියද මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරන ලදී. එය සන්සන්ධකයක් :ඊැබජයප්රන* ලෙස විශ්ලේෂණය කිරීමේ පහසුව තකා ඇතුළත් කරගන්නා ලදී. 
ලැබෙන මුළු ලකුණු සංඛ්‍යාව අනුව පහත ස`දහන් ආකාරයට කාණ්ඩවලට වෙන් කරගන්නා ලදී. 
කාණ්ඩය ලකුණු 81 ට වැඩි 
කාණ්ඩය ලකුණු 61 - 80 
ක්‍ කාණ්ඩය ලකුණු 41 - 60
කාණ්ඩය ලකුණු 40 ට අඩු

05. ප‍්‍රතිඵල ඇගයීම සහ සමාලෝචනය

ඉහත ස`දහන් ශ්‍රේණිගත කිරීම අනුව ෘ ශ්‍රේණියේ, එනම් අවම ලකුණු ලද කොටසේ වූ වෙබ් ප‍්‍රකාශයනයන් වන විදුසර, නවලිය වැනි ප‍්‍රකාශන කිසිදු සම්මත ප‍්‍රමිතියකින් තොරව නාමික වශයෙන් පමණක් තම සමාන්තර මුද්‍රිත ප‍්‍රකාශන අන්තර්ජාලයට එක් කිරීම දක්නට ලැබේ. ඉරුදින පුවත්පතද අන්තර්ජාල ප‍්‍රවණතාව පිළිබ`දව එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. 

ක්‍ ශ්‍රේණිය යටතේ ශ්‍රේණිගත වූ ප‍්‍රකාශන යම් ප‍්‍රමිතියක් අනුගමනය කරමින් වෘත්තිය මට්ටමින් තම මුද්‍රිත ප‍්‍රකාශන වෙබ්ගත කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ. විශේෂයෙන්ම රජයේ වෙබ් අඩවි ද මෙම වෘත්තීමය ප‍්‍රමිතීන් අනුගමනය කරමින් ප‍්‍රවෘත්ති මත පදනම් වූ වෙබ් ප‍්‍රකාශන පවත්වාගෙන යනු ලැබේ. ක්‍ ශ්‍රේණියේ ප‍්‍රකාශනයන්ගෙන් ආර්ථික ප‍්‍රතිලාභ පදනම් කරගෙන වෙබ් ප‍්‍රකාශන පවත්වාගෙන යන ලබන එකම ප‍්‍රකාශනය වූ ලංකාදීප වෙබ් අඩවිය තොරතුරු අතින් සම්පූර්ණ වුවද නව තාක්ෂණික ක‍්‍රමෝපායන් භාවිතයේ මද බව නිසා ඊ ශ්‍රේණියට ශ්‍රේණිගත වීම වැළැකී ඇත. 

ඊ ශ්‍රේණිය යටතේ ශ්‍රේණිගත වූ ඊතලය හා ඛ්බන්ැබැඅි වෙබ් අඩවි සෘජුවම ආර්ථික ප‍්‍රතිලාභ පදනම් කරගෙන තම වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. මේ ස`දහා වෙන් වූ වෙනම කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයන් ‘‘පුවත් ඒජන්සියක්’’ ආකාරයෙන් ක‍්‍රියාත්මක වේ. එමෙන්ම ඛ්බන් ැබැඅි වෙබ් අඩවිය විසින් මෑතකදී හ`දුන්වා දුන් තම පුවත් පාඨකයන්ට විවේචනය කිරීමේ අවස්ථාව හා එහි විවේචන එම පුවතට පහළින් දැක්වීම ද සැලකිය යුතු ප‍්‍රවණතාවයකි. 

් ශ්‍රේණිය යටතේ ශ්‍රේණිගත වීමට සුදුසු කිසිදු සිංහල වෙබ් අඩවියක් නොවීම, සිංහල වෙබ් ප‍්‍රකාශනයන්ගේ වර්ධනයේ මන්දගාමී බව පෙන්වන්නකි. මින් පෙනී යන්නේ ඊඊක්‍ වැනි මනා ප‍්‍රමිතියකින් කෙරෙන වෘත්තිමය තත්ත්වයේ වෙබ් ප‍්‍රකාශන ස`දහා තර`ගකාරී ප‍්‍රකාශන තවමත් මෙරට තුළ බිහි නොවන බවයි. නමුත් ඛ්බන්ැබැඅි හා ඊතලය යන වෙබ් අඩවි ප‍්‍රශංසනීය ලෙස පෙරමුණ ගෙන සිටීම අනාගතයේදී ඊඊක්‍ල ක්‍භභ තත්ත්වයටම සිංහල වෙබ් ප‍්‍රකාශනයන් අන්තර්ජාලගත වීමේ සලකුණු පෙන්වයි. 

මෙම ගවේෂණයෙන් හා විශ්ලේෂණයේ ප‍්‍රතිඵල මත, බිහිවන නව සිංහල වෙබ් ප‍්‍රකාශනයක් ජනප‍්‍රිය වීමට හා එය අඛණ්ඩව පවත්වාගෙන යාම ස`දහා පහත ස`දහන් ලක්ෂණවලින් යුක්ත විය යුතු බව යෝජනා කරමි. 

කඩිනමින් තිරයේ දිස්වීමට හා තොරතුරු බැලීමේ පහසුවට බාධා නොවන ලෙස සරල ආකර්ශනීයත්වයකින් යුක්ත වීම
පසුගිය තොරතුරු ද ලබා ගත හැකි වීම
ඉතා කඩිනමින් පුවත් වෙබ් අඩවියට එක් කළ හැකි වීම
පුවත්වලට අමතරව වෙනත් ශාස්ත‍්‍රීය විශේෂාංග ද ඇතුළත් කිරීම
වීඩියෝ දර්ශන ආදී බහුමාධ්‍යයන් ඇතුළත් වීම
වෙබ් අඩවියේ මූලික හරයට හානි නොවන සේ වෙළෙ`ද දැන්වීම් ප‍්‍රචාරය ස`දහා ඉඩ කඩ වෙන් කිරීම හා එමගින් සැලකිය යුතු ආදායමක් ලබා ගැනීමට උත්සාහ කිරීම
සිංහල යුනිකෝඞ් ක‍්‍රමය භාවිතා කිරීම
වෙබ් අඩවියට සමගාමීව, ජය්එල දෙරමපල ඉකදට වැනි අංගයන් ඇතුළත් කිරීම තුලින් වෙබ් අඩවිය හා සජීවීව සම්බන්ධ වන පාඨක පිරිසක් අඛණ්ඩව ර`දවා ගැනීම. 

 
ප්‍රභාත් විතානගේ
2008









Previous Post Next Post

نموذج الاتصال