1991. 10. 31 දින දිවයින පුවත්පතේ පළවූ දූෂණ කටයුතුවලට නිලධාරියෙකුත් හවුල් නැමති පුවත්පත සම්බන්ධයෙන් වූ නඩුව

 1991. 10. 31 දින දිවයින පුවත්පතේ පළවූ දූෂණ කටයුතුවලට නිලධාරියෙකුත් හවුල් නැමති පුවත්පත සම්බන්ධයෙන් වූ නඩුව.



මෙය මා 2008 වසරේදි ජනමාධ්‍ය පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ගවේෂණාත්මක ලිපියකි.

ආර්. ඒ. පියසිරි මහතා විසින් එස් 2/91/649 දරණ පැමිණිලි අංකය යටතේ පුවත්පත් මණ්ඩලයට කරන ලද පැමිණිල්ලකට අනුව එකී පැමිණිල්ල 91. 12. 29 දින විභාග කිරීමට කටයුතු යොදන ලදී. 


අදාළ පුවතේ සාරාංශය වන්නේ ‘‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර ප‍්‍රදේශයේ අධිකාරී ඉංජිනේරු කාර්යාලයක සේවය කරන පරිපාලන නිලධාරියෙකු (ආර්. එම්. පියසිරි මහතා, නම ස`දහන් නොවේ* මොණරාගල මදුරකැටිය කෘෂිකර්ම පර්යේෂණ ආයතන ඉදිරිකිරීම් කටයුතු මොණරාගල ග‍්‍රාමෝදය සමිතියට පවරා දීමේදී දූෂණ කටයුතුවල නිරත වී ඇත. මේ බව කෘෂිකර්ම අමාත්‍ය ආර්. එම්. ධර්මදාස බණ්ඩා මහතාට සේවක පිරිසක් මගින් පෙත්සමකින් දන්වා ඇති අතර නි. අධ්‍යක්ෂකතුමාගේ ඉල්ලීම පරිදි ආර්. එම්. පියසිරි මහතා පාලන අංශයට මාරු කර ඇත. දෙපාර්තමේන්තුව විසින් ඔහුට විරුද්ධ චෝදනා වසන් කිරීමට උත්සාහ ගනී.’’ මෙම පුවතේ සිරස්තලය ප‍්‍රශ්නාර්ථ ලකුණක් සහිතව ඉදිරිපත් කර තිබූ අතර ආර්. එම්. පියසිරි මහතාගේ නම ද ස`දහන් නොවීය. 


ආර්. එම්. පියසිරි මහතා විසින් මෙම පැමිණිල්ල දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමාගේ ආවරණ ලිපියක් ද සහිතව ඉදිරිපත් කර තිබුණි. 


මෙහි ප‍්‍රථම නඩු විභාගය 1972. 02. 07 දිනට කල් දමන ලද අතර එදින, මණ්ඩල සාමාජික මහත්වරුන් ලෙස 

01. ඒ. එල්. එම්. ප‍්‍රනාන්දු මහතා - සභාපති 

02. එස්. සී. ක්‍රොසට් තම්බයියා මහතා - සාමාජික

03. ලෙස්ලි අයිවෝ ප‍්‍රනාන්දු මහතා - සාමාජික

04. ඒ. මුසින් මහතා - සාමාජික

05. පී. එස්. පෙරේරා මහතා - සාමාජික

06. සාහිත්‍ය ශිරෝමණි, කලාසූරී - කේ. බී. සුගතදාස මහතා 


සහය වූ නිළධාරීන් ලෙස 

කේ. ඞී. පී. ද අල්විස් මහතා - පුවත්පත් කොමසාරිස් 

එස්. දම්මුල්ල මහතා - පුවත්පත් මණ්ඩලයේ ලේකම්


පැමිණිලිකරු වන ආර්. පී. පියසිරි මහතා ද කතෘ, ප‍්‍රකාශක, මුද්‍රණකරු සහ අයිතිකරු ලෙස දිවයින පුවත්පත වෙනුවෙන් කිසිවකු පැමිණ නොසිටි අතර එම්. ඒ. චන්ද්‍ර පෙරේරා මහතා ද, නීතීඥවරයා ලෙස ශාන්ත පෙරේරා මහතා ද දිවයින පුවත්පත නියෝජනය කළෝය. 



මෙම නඩු විභාගයේ සාරාංශය මෙසේය.


මෙම පුවතේ ස`දහන් පෙත්සම පිළිබ`ද පුවත නිවැරදි මුත් එය සනාථ වී නොමැති බවත්, පියසිරි මහතා මාරු කළේ දෙපාර්තමේන්තු අවශ්‍යතාවයක් නිසා බවත් නියමිත එමෙන්ම පුවතේ ස`දහන් ඉදි කිරීම එම ආයතනයට පවරා දීමට මුල් වූයේ මොණරාගල ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමාගේ හා ඇමතිතුමාගේ නිර්දේශය මත එවකට අධිකාරී ඉංජිනේරු (සිවිල්* ගේ නිර්දේශය මත බවයි. එමෙන්ම මෙම නඩු විභාගයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක (පරිපාලන* මාපිටිගම මහතා නියෝග කරන ලදී. 


මෙම වාර්තාවද සැලකිල්ලට ගෙන නිවැරදි කිරීමක් පුවත්පතේ පළ කිරීමට දෙපාර්ශවයම එක`ග විය. එම නිවැරදි කිරීම පහත ස`දහන් ලෙස පළවිය යුතු බව නිර්දේශ විය. ‘‘¥ෂණවලට නිලධාරියෙකු හවුල්’’ යන මැයින් 1991. 10. 31 වන දින දිවයින පුවත්පතේ 3 වන පරිච්ඡේදයේ පළමු වාර්තාවේ ස`දහන් කිසිම සිද්ධියකට පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී ආර්. පී. පියසිරි මහතා සම්බන්ධ නැත. මේ වාර්තාවම පළ වීමට පෙර ද එහි ස`දහන් පෙත්සමේ කරුණු සම්බන්ධව දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වා තිබේ. මේ වාර්තාවේ ස`දහන් වන පරිදි කිසිදු නිලධාරියෙකු වසන් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා නැති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක (පරිපාලන* ඒ. ඩබ්. මාපිටිගම මහතා නිවේදනය කරයි.’’ 


නඩුව පිළිබ`ද විග‍්‍රහයක්


මෙම නඩුවට අදාළ පුවත, ගවේෂණශීලී පුවත්පත් කලාවේ එක් අවස්ථාවක් ලෙස හැ`දින්විය හැක. එනමුත් ගවේෂණශීලී පුවත්පත් කලාවේදියා විසින් තම ගවේෂණයට හසු කර නොගත් මූලයන් කීපයක් ද මෙම පුවත තුළ සැ`ගවී ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි. 


නඩු විභාගයෙන් මෙන්ම, නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ වාර්තාවෙන් ද දැක්වෙන ආකාරයට මෙහි පැමිණිලිකරු වන මාපිටිගම මහතා 1987 දී දෙපාර්තමේන්තුවේ වූ ¥ෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි දීම නිසා එහි සමහර නිලධාරින්ගේ පළිගැනීම්වලට ලක් වූ බව ද දැක්වේ. එමෙන්ම මෙම පුවත්පත් වාර්තාව, සේවක පිරිස විසින් ඇමතිතුමාට ඉදිරිපත් කරන ලද පෙත්සම මත පමණක් පදනම් වූ බව පැහැදිලිය. පෙත්සමක් යනු සත්‍යතාවය අවිනිශ්චිත වූ විටෙක සද්භාවයෙන් මෙන්ම විටෙක යම් පළිගැනීම් හා මඩ ප‍්‍රහාර මත සිදුවන ක‍්‍රියාවලියක් වේ. එබැවින් එවැනි පෙත්සම්වල ස`දහන් කාරණා තම පුවත්වලට පදනම් කර ගැනීමට පෙර කලාවේදියා විසින් ඉතා සූක්ෂම ලෙස ද පුළුල් ලෙස ද අදාළ කරුණු පිළිබ`දව ගවේෂණයක් සිදු කිරීම අනිවාර්ය වේ. 


පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහයේ මතු දැක්වෙන රීතීන් උපුටා දැක්වීම වැදගත් කොට සලකමි. 


(02* (අ* සෑම පත‍්‍රකලාවේදියෙකු විසින්ම පළ කිරීම ස`දහා තමා විසින් ලියන ලද කවර හෝ ලිපියක් පළ කිරීමට හෝ එහා අඩංගු කරුණුවල සත්‍යතාව නිශ්චය කිරීම ස`දහා තම බලය යටතේ ඇති සියළු සාධාරණ ක‍්‍රියා මාර්ග උපයෝගී කරගත යුතුය’’එමෙන්ම (7* වෙනි වගන්තිය මෙසේ වේ. 


(07* පත‍්‍ර කලාවේදියෙකු විසින් අන්‍යයෙකුගේ අදහස් සහ ලිපි තමාගේ ඒවා ලෙස පළ නොකළ යුතුය. 


මේ අනුව දිවයින පුවත්පතේ පළ කල මෙම පුවත සම්බන්ධයෙන් ඉහත ස`දහන් ආචාර ධර්ම උල්ලංඝනය වූ බව පෙනේ. නඩු විභාගයේ ප‍්‍රතිඵලය විග‍්‍රහ කිරීමේ දී මුල් පුවතේ ස`දහන් නොවූ පියසිරි මහතාගේ නම නිවැරදි කිරීම යටතේ ‘‘පියසිරි මහතා ඊට සම්බන්ධය නොවේය’’ ලෙස නම ඇතුළත් කිරීම ප‍්‍රශ්නාර්ථයකට තුඩු දෙයි. මේ නිසා දෙවන පුවත මලුවරට (නිවැරදි කිරීම* කියවන පාඨකයාගේ සිතේ ඇතිවන්නේ පියසිරි නැමැත්තා මීට සම්බන්ධ ද? යන ප‍්‍රශ්නාර්ථයයි. එහෙයින් ඔහුගේ පෞද්ගලික චරිතයට මෙම නිවැරදි කිරීම එතරම් වාසිදායක නොවුනත් රාජකාරී තත්ත්වය සලකා බලා ඔහු මීට එක`ගවන්නට ඇති බව විශ්වාස කළ හැක. 


සිලෝන් ඬේලි නිවුස් පුවත්පතේ 1998 ජුනි 26 දින පළවූ ධඡු් ැබාදරිැි ැදෛරඑි එද රු්ජඑසඩ්එැ ඉරසඉැරහ ජදපපසිිසදබ” :ධඡු් – ධරට්බස‘්එසදබ දෙ ඡුරදෙැිිසදබ්ක ්ිිදජස්එසදබි දෙ ීරස ඛ්බන් – ධඡු් ආයතනය අල්ලස හෝ ¥ෂණ විමර්ශන කාර්යාංශය බල රහිත කිරීමේ වෑයමට සහයෝගය දක්වයි‘‘* යන සිරස්තලය යටතේ පල කළ පුවත සම්බන්ධයෙන් ....


මෙම පුවත සම්බන්ධයෙන් ධඡු් ආයතනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 1998 අගෝස්තු 11 දින නඩු විභාගය අරඹන ලදී. මෙම නඩු විභාගය ස`දහා පුවත්පත් මණ්ඩල සාමාජිකයන් හැරුණු විට පැමිණිලිකරු හෝ විත්තිකරු හෝ ඔවුන් නියෝජනය කරන කිසිදු පාර්ශවයක් පැමිණ නොසිටි සභාපතිවරයා වූ මහාචාර්ය පී. වී. ජේ. ජයසේකර මහතා විසින් නඩු විභාගය ඔක්තෝම්බර් 10 දිනට කල් දමන ලදී. 


අදාළ පුවත්පත් වාර්තාවට පදනම් වූ ධඡු් ආයතනය මගින් නිකුත් කළ ප‍්‍රකාශයේ කිසිම වගකිව යුතු නිලධාරියෙකුගේ සහතිකයක් හෝ අත්සනක් යොදා නොතිබූ නිසා මෙහි පැමිණිලිකරු වූ ධඡු් ආයතනයේ ඉල්ලීම පිට අදාළ පුවත්පත් ආයතනය මෙම වාර්තාව නිවැරදි කර පල කිරීමට එක`ගතාවය පල කරන ලදී. මෙම එක`ගතාවය ධඡු් ආයතනයට සෘජුව දන්වා තිබූ අතර පුවත්පත් මණ්ඩලය විසින් දැනුවත් වී නොතිබිණ. මෙම නිසා නැවතත් ධඡු් ආයතනය පුවත්පත් මණ්ඩලයට මේ බව දන්වා එවා තිබූ ලිපිය අනුව පුවත්පත් මණ්ඩලය විසින් මෙම නඩුව අත්හැර දමන ලදී. 




නඩුව පිළිබ`ද විග‍්‍රහයක් 


මෙම නඩුව ඉතා සරල නඩුවකි. ධඡු් ආයතනයේ ප‍්‍රකාශය නිල වශයෙන් ධඡු් ආයතනයේ කිසිම බලධරයෙකුගේ සහතිකය නොවූ නිසාය. එම නිසා මෙම වාර්තාකරු පුවත්පත් සදාචාරය මුළුමනින්ම බි`ද දමා ඇත. ආචාර ධර්ම සංග‍්‍රහයේ 2 (අ* රීතියට පටහැනි සේ මෙම කලාවේදියා ධඡු් යයි කියමින් වෙනත් නිර්නාමික ප‍්‍රකාශයක් පුවත්පතේ පළකර ඇත. පුවත්පත් ප‍්‍රධාන කතෘවරුන් විසින් තම පුවත්පතේ පල කර ඇත. පුවත්පත් ප‍්‍රධාන කතෘවරුන් විසින් තම පුවත්පතේ ස`දහන් වීමට නියමිත වාර්තා පිළිබ`දව යම් විමසිල්ලෙන් සිටිය යුතු අතර මෙවැනි පලකිරීම් නිසා අනවශ්‍ය ගැටළු ගණනාවක් මතුවනවා සේම පුවත්පතේ කීර්තිනාමයට ද ආර්ථික ලාභයට ද අවාසිදායක වේ. එමෙන්ම අදාළ නිවැරදි කිරීමෙන් පසුව ද ධඡු් ආයතනය පිළිබ`ද පාඨකයා තුළ යම් දුර්මතයක් සමාජගත වීම වැළැක්විය නොහැක. 


1991 ඔක්තෝම්බර් 9 දරණ පත‍්‍රයේ පළවූ ‘‘විගණකාධිපති පත් නොවුනාට සතුට’’ යන ශීර්ශස යටතේ පළවූ ලිපියක් සම්බන්ධයෙන්........ 


විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීතුමා,

ජනාධිපති නීතීඥ,

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, 

හිටපු පුවත්පත් මණ්ඩල සභාපති,


ප‍්‍රශ්නය :- ප‍්‍රකාශන නිදහසේ අර්ථාන්විත බවට පුවත්පත් මණ්ඩලයෙන් යම් බලපෑමක් සිදු වුනාද? 

1973 පුවත්පත් මණ්ඩලය පිහිටවූවාට පසු එක් එක් වකවානුවල එය ක‍්‍රියාත්මක ස්වරූපයේ යම් යම් වෙනස්වීම් දක්නට ලැබේ. සභාපති ලෙස මගේ පාලන කාලය තුළ මාධ්‍ය නිදහසේ ගෞරුත්වයට බාධා වන ක‍්‍රියාවක් සිදු වුනේ නැහැ. මාධ්‍ය නිදහසේ ගෞරුත්වය රැකෙන්නේ මිනිස් අයිතිවාසිකම්වල ගෞරුත්වය රැකෙන ප‍්‍රමාණයට වේ. මාධ්‍ය මගින් ජනතාවගේ අයිතියට අගතියක් වන විට ඔවුන්ට යුක්තිය ඉටුවන තැනක් තිබිය යුතුයි. එසේ නොවුනහොත් සමතුලිත නැත. මාධ්‍යකරුවන්ගේ අයිතිය තිබෙනවිට ජනතාවගේ අයිතිය අහිමි වේ. මාධ්‍ය නිදහසට බාධෘ ඇතිවන්නේ ජනතාවගෙන් නොවන අතර මාධ්‍ය හිමිකරුවන්ගෙන් වේ. පුවත්පත් මණ්ඩලය තිබුණේ පුවත්පත් මගින් ජනතාවට සිදුවන හානිය අවම කරගැනීමට වේ. නමුත් පුවත්පත් මණ්ඩලය යනු පැමිණිලි විභාග කරන ආයතනයක්ම නොවේ. පුවත්පත් මණ්ඩල පනත අපි හරියට මෙතෙක් ක‍්‍රියාත්මක කර නොමැති බවයි මගේ අදහස. රටේ ජනමාධ්‍ය සංස්කෘතියේ ප‍්‍රමිතීන් ඉහළ මට්ටමට ගෙන යාම, ඒ යටතේ මාධ්‍යකරුවාට ස්වයං විනයක් ඇති කර ගැනීම එක් අරමුණක් වේ. 1970 ගණන්වල විනය පිළිබ`ද ......... මාධ්‍යකරුවන් විනයක් සාදාගත්තා නම් වැදගත්. මගේ කාලයේ රට වටා වැඩමුළු ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට විශේෂ කටයුතු සූදානම් කරනු ලැබීය. මෙහි කටයුතුවලට රජය මැදිහත් වනවාය යන චෝදනාව එල්ල වුවත් මගේ පාලන කාලයේ එසේ වන්නට ඉඩ තැබුවේ නැහැ. රජය නිලධාරීන් පත්කරනු ලැබුවත් එවුන් රජයට පක්ෂපාතව කටයුතු කරනවාමයි සිතිය නොහැක. මගේ පාලන කාලයේ වැඩිම තීන්දු ප‍්‍රමාණයක් දෙනු ලැබුවේ ලේක්හවුස් ආයතනයට එරෙහිව වේ. 


ප‍්‍රශ්නය :- 2003 දී පිහිටුවනු ලැබූ පුවත්පත් පැමිණිලි කොමිසමන් ප‍්‍රකාශන නිදහසේ අර්ථාන්විත බවට බලපෑමක් සිදු වනවාද? පුවත්පත් මණ්ඩලය රජයට පක්ෂපාතී ලෙස කටයුතු කළා යයි චෝදනා කරන අය දැන් ක‍්‍රියාත්මක වන පුවත්පත් පැමිණිලි කොමිසමෙන් කෙතරම් නිවැරදි කිරීම් සිදුකර ඇත්දැයි පැහැදිලිව ප‍්‍රකාශ නොකරයි. ඒ පිළිබ`දව ජනතාවට දැනුමක් නොමැත. ජනතාවට තබා මේ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන අපිව පවා දැනුවත් කර නොමැත. පුවත්පත් ආයතන හිමිකරුවන් පිහිටුවාගත් ආයතනයකින් අපක්ෂපාතීව කටයුතු කරයි යනුවෙන් විශ්වාසයක් ජනතාව තුළ ඇති නොවේ. එය චූදිතයන් විසින් ඔවුන්ටම විරුද්ධව කටයුතු කිරීමක් ලෙස හ`දුන්වා දිය හැක. ඒ නිසා එම`ගින් ජනතාවට යුක්තිය ඉටු වේ දැයි සැක සහිත වේ. 


ප‍්‍රශ්නය :- ජනමාධ්‍ය මගින් සිදුවන යම් යම් වැරදි ප‍්‍රවෘත්ති පිළිබ`ද සොයා බැලීමට ශ‍්‍රී ලංකාවට යම් ආයතනයක් අවශ්‍ය ද? එය කුමන ආකාරයේ ආයතනයක් විය යුතුද? පුවත්පත් මණ්ඩලය හො`දයි. එහි කටයුතු නීත්‍යානුකූලව සිදුවන නිසා ජනතාවට සාධාරණය ඉටු වන්නේ නීත්‍යානුකූල ආයතනයක් මගින් යයි සෑහීමකට පත් විය හැක. නමුත් අද වන විට එහි ආකෘතිය යල් පරන ගිය ආකෘතියක් වේ. එය මුද්‍රිත මාධ්‍ය ස`දහා පමණක් වේ. ඒ නිසා මෙරට අවශ්‍ය රජය පිළිගත් අපක්ෂපාතීව කටයුතු කරනු ලබන කොමිසම් සභාවක් මගින් පාලනය වන ජනමාධ්‍ය ආයතනයක්, නැතහොත් විද්‍යාලයක් වේ. එවිට කාගෙත් ගෞරුත්වය මෙන්ම මාධ්‍ය ආයතනයන්වල ගෞරුත්වය ද ආරක්ෂා වේ. 






ඞී. එෆ්. කාරියකරවන මහතා,

හිටපු පුවත්පත් මණ්ඩල සාමාජික,

වෘත්තිය පත‍්‍රකලාවේදී සංගමයේ හිටපු සභාපති

ජේ්‍යෂ්ඨ පුවත්පත් කලාවේදී


ප‍්‍රශ්නය :- ප‍්‍රකාශන නිදහසේ අර්ථාන්විත බවට පුවත්පත් මණ්ඩලයෙන් යම් බලපෑමක් සිදු වුනාද? 

පුවත්පත් මණ්ඩලය ප‍්‍රකාශන නිදහසේ අර්ථාන්විත බවට යම් බලපෑමක් සිදු වී තිබේ. යම් යම් ප‍්‍රකාශන මගින් සිදුවන වැරදි නිවැරදි කිරීමට පුවත්පත් මණ්ඩලය කටයුතු කලා. පුවත්පත් මණ්ඩලයට නුසුදුසු, අනිසි, අනියම්, අසාධාරණ දෙයක් පළකර තිබෙන බවට පැමිණිල්ලක් ලැබුණු විට ඒ පිළිබ`ද විභාග කර බලා අනිසි පළ කිරීම නිවැරදි කර පුවත්පතක පළ කරවන්නට කටයුතු කලා. එසේ පළ නොකලොත් පුවත්පත් මණ්ඩලයට බලය තිබුණා නඩු දමා රු. 5000.00 ක දඩයකට යටත් කිරීමට හෝ වසදර දෙකක සිර ද`ඩුවමකට ලක් කරන්න. නමුත් සෑම පුවත්පතක්ම පුවත්පත් මණ්ඩලයෙන් කියූ නිවැරදි කිරීම් පළ කර තිබෙන නිසා එවැනි තත්ත්වයක් ඇති නොවුනි. පුවත්පත් මණ්ඩලය පත් කිරීමේ දී දේශපාලන බලපෑමක් තිබුණේ නැහැ. දේශපාලන අභාෂයක් දක්නට ලැබුණි. පුවත්පත් මණ්ඩලයේ සභිකයන් 7 දෙනෙක් සිටින අතර ඒ පත්කිරීම් සිදු කරනු ලබන්නේ එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය අයත් ආණුඩුවට හිතවත් පුද්ගලයන්ය. පුවත්පත් මණ්ඩලයේ පැමිණිලි විභාග කිරීම එක් කාර්යයක් වන අතර අනෙක් අංශයෙන් මාධ්‍යවේදීන්ගේ සුබ සිද්ධ්ය ස`දහා කටයුතු කරනු ලැබීය. 


ප‍්‍රශ්නය :- 2003 දී පිහිටවනු ලැබූ පුවත්පත් පැමිණිලි කොමිසම ප‍්‍රකාශන නිදහසේ අර්ථාන්විත බවට බලපෑමක් සිදු වනවාද? පුවත්පත් පැමිණිලි කොමිසම නඩු විස`දීම ස`දහා පමණක් තිබෙන වෙනම ආයතනයක් වේ. එමගින් සාපේක්ෂ අඩු සේවයක් සිදු වේ. 


ප‍්‍රශ්නය :- ජනමාධ්‍ය මගින් සිදුවන යම් යම් වැරදි ප‍්‍රවෘත්ති පිළිබ`ද සොයා බැලීමට ශ‍්‍රී ලංකාවට යම් ආයතනයක් අවශ්‍යද? එය කුමන ආකාරයේ ආයතනයක් විය යුතුද? පුවත්පත් මණ්ඩලය වැනි ආයතනයක් ලංකාවට අවශ්‍යයි. එහි යම් යම් අඩුපාඩු තිබූ නමුත් එමගින් සිදු කළ කාර්යය විශාලයි. 











Previous Post Next Post

نموذج الاتصال