මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ බවතරණය බුදු සිරිත පිළිබ`ද යථාර්ථවාදී අර්ථ විවරණයකි.


මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ බවතරණය  බුදු සිරිත පිළිබ`ද යථාර්ථවාදී අර්ථ විවරණයකි.

ප්‍රභාත් විතානගේ  2008

මෙය මා 2008 වසරේදි ජනමාධ්‍ය පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ගවේෂණාත්මක ලිපියකි.

01 දේශයේ මහා ගත්කරු, මාර්ටින් වික‍්‍රමසිංහ ශූරින් 


දේශයේ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන් ගැනත් බවතරණය නම් වූ විප්ලවීය නවකතාව රචනය ස`දහා වූ එතුමාගේ පසුබිමත් චිත‍්‍රනය කෙරෙන පූර්විකාව ...............

1890 දී කොග්ගල නම් මනරම් ග‍්‍රාමයේ උපත ලද වික‍්‍රමසිංහයන් ග‍්‍රාමය ආශ‍්‍රිතව පිහිටි වනය, සතුන්, ගැමියන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය තම සාහිත්‍ය නිර්මාණයන්ට මහ`ගු තෝතැන්නක් විය. ඔහුගේ සාහිත්‍යකරණය හුදෙක් නිර්මාණයන්ට මහ`ගු තෝතැන්නක් විය. ඔහුගේ සාහිත්‍යකරණය හුදෙක් වාක්‍ය රචනාවලින් ඔබ්බට ගොස් ස්වාභාබට ගොස් ස්වාභාවික හා සමාජ විද්‍යාව, සාහිත්‍යය, වාග් විද්‍යාව, කලාය, දර්ශන ශාස්ත‍්‍රය, බෞද්ධාගම, අධ්‍යාපනය වැනි පළල් විෂය ක්ෂේත‍්‍රයන් හරහා විහිදී ගිය සංකල්ප හා ආකෘති මත පදනම් විය. 

‘‘ගැමියන් අතර ඉපද වැඩුණු මම ඔවුන් හ`දුනන්නෙක් වීමි. කරබාගෙන දුක් පීඩා ඉවසන ඔවුන්ගේ හො`ද ගති නිසාම මට පොදු ජනයා කෙරෙහි දයාබර සිත් ඇත්තෙක් වීමි. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ ආදී මුනිවරුන්ට උපන් මගේ අචල භක්ති පේ‍්‍රමයට එක් හේතුවක් ගැමි ජනයා යයි සිතමි.’’

මෙවැනි ප‍්‍රකාශන තුළින් බෞද්ධ ගැමි සංස්කෘතිය යථාර්ථවාදීව මානිෂික දැකීමටත් එමගින් බෞද්ඡු දර්ශනයේ මුඛ්‍ය අර්ථය ජනතාවට දීමටත් ඔහුගේ ඇතැම් කෘතීන් තුළින් උත්සාහ ගත්තේය. මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියේ එතුමා පිළිබ`ද මෙසේ අර්ථකථනයක් දක්වා ඇත. 

‘‘බුදුන් වහන්සේ විසින් වදාළ කාලාම සූත‍්‍රයෙන් අනුමත කරන ලද බුද්ධිමය නිදහස හා ස්වීයත්වය ඉතා අගය කළ වික‍්‍රමසිංහ, එය බටහිර විද්‍යාත්මක ආකල්පයන්ට දුරස්ථ නොවන, සාම්ප‍්‍රදාය අභියෝග කිරීමට අනුබල දෙන සත්කාමක් ලෙස දුටුවේය’’ එමෙන්ම මාර්ටින් වික‍්‍රමසිංහයන් පිළිබ`ද, විශේෂයෙන්ම එතුමාගේ මහලූ වියේදී එතුමා හමු වී විලදිමර් යාකව්ලෙෆ් නම් රුසියානු ලේඛකයා විසින් කරන ලද සාකච්ඡුාවක් ඇසුරෙන් සකස් කළ ලිපියක් අඩංගු ලක්දිව ................ හා දිවි පෙවෙත ග‍්‍රන්ථයේ (පරිවර්තනය රන්ජන සේනාසිංහ* 250 පිටුවේ මෙසේ ස`දහන් වේ. 

‘‘ලාංකික කලාවේ වර්ධනය උදෙසා මුල් කාලීන බුද්ධාගමෙන් ලැබුණ පිටුවහල පිළිබ`ද ද දක්වන වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතික සම්ප‍්‍රදායන් හින්දු දහමෙන් යටපත් කරනු ලැබුව ද සිංහලයන් ඒවා රැකගත් බව සිහි ගන්වයි’’ 

මේ අනුව හින්දු බලපෑම විසින් බෞද්ධ දර්මයට කරන ලද විකෘති කිරීම් ද එතුමා මනාව තේරුම්ගෙන සිට ඇත. බෞද්ධ ධර්මය පිළිබ`ද මෙන්ම කතෝලික ධර්මය හා ක‍්‍රිස්තුස් වහන්සේ පිළිබ`දව ද එතුමා යම් ගවේෂණශීලී අධ්‍යයනයක් කර ඇති බව එතුමා විසින් ‘‘කිතු චරිතය’’ ග‍්‍රන්ථය පරිශීලනය සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශයන්ගෙන් ........... කර ගත හැක. මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන් තම 86 වියැති ජීවිත කාලය තුළ කරන ලද විශාල වූ නිර්මාණ සම්භාරය අතරින් බවතරණයට සුවිශේෂී ස්ථෘනයක් හිමි වෙන්නේ එම ග‍්‍රන්ථය ලාංකික බෞද්ධ ජනතාව තුළ කරන ලද විප්ලවීය චින්තන වෙනස නිසාය. 
බවතරණය ලාංකික බෞද්ධ සමාජය පිළිගත් අයුරු .................
‘‘සිදුහත් කුමරා’’ සුපිරි තරුණයෙකු නොව ඉන්දියානු සමාජයේ ජීවත් වූ මනසින් මුහුකුරා ගිය බුද්ධිමත් සාමාන්‍ය තරුණයෙකු ලෙස...............
බුදුන් වහන්සේ අරුම පුදුමදෙවියෙකු නොව උසස් චෛතසිකයෙන් ද යුත් දියුණු වූ මනුෂ්‍යයෙකි. 
බෞද්ධ දර්ශනයේ මුඛ්‍ය පරමාර්ථය .........................


02. බවතරණය, එහි කතුවරයා වූ මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ඇසින් .......


මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් රචනය කරන ලද ‘‘බවතරණය’’ නවකතාව එතුමා විසින් බිහිකළේ, වසර ගණනාවක් තුළදී කළ ගවේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස මනා වූ අරමුණක පිහිටා බැව් පෙනේ. මෙතුමා ‘‘බවතරණය’’ රචනා කළේ සිය 83 වැනි වියේ දී, එනම් තම ජීවිතයේ සැ`දෑ සමයේ දී වීමත් විශේෂ සිදුවීමකි. කලාකරුවෙකු වුව ද ඔහුගේ ක‍්‍රියාශ‍්‍රීලී ශාරීරිකත්වය පිරිහීම නිසා වූ මානසික සුවයට වූ අල්පමාත‍්‍ර හෝ බලපෑම හා අත්දැකීම් සහිත තලතුනා මිනිසෙකුගේ ආකල්ප මෙම බවතරණය රචනයේ දෘෂ්ටියට හා ආකෘතියට බලපාන්නට ඇත. 

බවතරණය සංඥාපනයේ ඔහු මෙම නවකතාවේ රචනය සම්බන්ධයෙන් මෙසේ ස`දහන් කර ඇත. 

‘‘83 වන මහලූ වියට පැමිණි මා මේ කතාව ලියන්නට උනන්දු කළේ මීට අවුරුදු පනස් ගණනකට පෙර බුද්ධ වර්තයක් ලියන්නට මගේ සිතට පිවිසි අදහසකි. ඒ අදහස මගේ සිතට ආවේ ජීවන්තා පැපිනි නැමති ඉතාලි ජාතික ලේඛකයාගේ කිතුනු චරිතය නැමති රචනාව කියවූ අවස්ථාවෙහිය. එතැන් සිට අවුරුද්දක් පමණ කාලය තුළ පාලි, සිංහල, ඉංග‍්‍රීසි පොත් වලින්ද පුරාණ ඉන්දියාව හා බුද්ධ චරිතය පිළිබ`ද කරුණූ උපුටාගෙන ෆුල්ස්කැප් පිටු 300 ක පමණ පොත් තුනක සටහන් කළෙමි.’’

එමෙන්ම මෙතෙක් බුද්ධ චරිතය සාහිත්‍යයට නැගීමේදී කතුවරුන් විසින් එක් කර තිබූ අද්භූතවාදී අතිශයෝක්ති සහගත වූ දේවත්වයට සමාන ඇතැම් වර්ණනා පිළිබ`දව මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. 

‘‘මගේ මේ සිදුහත් බුදු සිරිත් නවකථාව මා රචනා කළේ බමුණු - සකු අද්භූතවාදය හා රීතිය ඉදුරා බැහැර කොට යථාර්ථවාදය හා රීතිය ගුරුකොට ගෙනය.’’

බවතරණය සංඥාපනයේ 7 පිටුවේ ස`දහන් මෙම ප‍්‍රකාශනය තුළින් වික‍්‍රමසිංහයන්ගේ අරමුණ පැහැදිලිව විද්‍යාමාන වෙයි. 



03. සිදුහත් කුමරා හා සමකාලීන ඉන්දියානු සමාජය බවතරණය ඇසුරෙන් ..............


සිදුහත් උත්පත්තියට සමකාලීන ඉන්දියානු සමාජය තුළ වාදයෙන් බෙදී ගිය සමාජයක් විය. සිදුහත් උපන් පෙදෙස පිළිබ`ද මනා භූගෝලීය විස්තරයක් මෙන්ම උපන් සමාජ පරිසරය පිළිබ`දව ද මනා විස්තරයක් පාඨකයන්ට දැන්වීමට වික‍්‍රමසිංහ ශූරීන් විසින් මෙම නවකතාව තුළින් උත්සාහ ගෙන ඇත්තේ සිදුහත් කුමරා ගිහිගෙය නික්මයාමේ හේතුව විග‍්‍රහ කිරීමට නිසි පසුබිම සැකසීමේ අටියෙන් බව පෙනේ. ඉන්දියාවට කිහිප වරක්ම ගොස් තිබුණු වික‍්‍රමසිංහයන අදාළ පරිසරය හා ස්ථාන දැක බලාගැනීමෙන් ලද විමසුම් ඇස ද මීට ගුරුකොට ගෙන ඇතිවා නොඅනුමානය. සිදුහත් කුමරා ඉපිද ඇත්තේ ලිච්ඡුවි දේශය නම් ඉතා බල සම්පන්න ජන රජයක නායකයාට දාව බවද එහි ජනගහනය අට ලක්ෂයක් පමණ වන බවද නවකතාවේ ස`දහන් වේ. 

සිදුහත් කුමරා ඉපදීම සම්බන්ධයෙන් පාරම්පරික සාහිත්‍යය පිළිබ`ද අවධානය යොමු කිරීමේදී, ජාතක අටුවාවෙහි උපන් හැටියේ කතා කිරීම, සත් පියවරක් යෑම, සතලිස් දහසක් නළගනන් පිරිවරා සිටීම, සතර පෙර නිමිති පෙන්වූයේ දෙවියන් විසින් යැයි කීම, රජමාලිගයේ දොරගුළු විවෘත කළේ දෙවියන් විසින් යැයි කීම වැනි ප‍්‍රබන්ධ කථාවන් බව තරණයේ සිදුහත් උපත පිළිබ`ද පරිච්ඡේදයන්ගෙන් බැහැර කර ඇත. එමෙන්ම නෙළුම් මල්සතක් මත සිදුහත් කුමරා පා තැබූ බව කියවෙන අතිශයෝක්ති සහගත මවාපෑම් ද ඉ`දුරාම ප‍්‍රතික්ෂේප වී ඇත. බවතරණයේ ස`දහන් සිදුහත් කුමරා ලෝකයේ අන් සාමාන්‍ය මිනිසුන් වැනිම ඇට මස් නහරවලින් සෑදුණු සාමාන්‍ය මිනිස් දරුවෙකුම බව දක්වයි. 

මින් පසුව එන පරිච්ඡේදයන්ගෙන් සිදුහත් කුමරා තරුණයෙකු ලෙස එවකට සමාජයේ හැසිරුණ ආකාරය රචනා කර ඇත. දඹදිව රජපවුලක ඉතා සුඛෝපභෝගීව වැඩුණු සිදුහත් තරුණයා අන් සමකාලීන් තරුණයන්ට වඩා වෙනස් වූයේ ගතානුගතික රජ පිළිවෙතින් පිට පැන යාමට තැත් කළ පිබිදුණු මනස හා බුද්ධිමත් අදීන බවයි. සිදුහත් තරුණයා සාමාන්‍ය ශාක්‍ය තරුණයන් මෙන්ම දඩයමේ යයි. යුද හරඹයන්ට සහභාගී වෙයි. සුරාපානය කරයි. සූදු කෙළියේ යෙදෙයි. තරුණියකගේ අත මිරිකීමෙන් ආශ්චාදයක් ලබයි. අනෙක් තරුණයන් මෙන්ම විවිධ දර්ශන හා ශාස්ත‍්‍ර ද හදාරයි. එතුමා විවාහ වූයේ බඹසර රකින්නට නොවේ. හතලිස් දහසක් සුන්දර නිළියන් පිරිවරා ගත්තේ බවුන් වඩන්නට නොවේ. දුනු ශිල්ප ඉගෙන ගත්තේ කෙසෙල් ගස්වලට විදින්නද? දඩ කෙළි, උයන් කෙළි, ¥ කෙළි සමජ්ජ සේවනය එකල ශාඛ්‍ය කුමරුන්ට හා ධනවතුන්ට හිමි වූ ඒවා බව පෙනේ. මෙලෙස සාමාන්‍ය මානුෂික හැ`ගීම්වලින් පිරිපුන් තරුණයෙකි සිදුහත් තරුණයා. බුදු වීමේ සුදුසුකම හෙවත් විශේෂ වූ අසාමාන්‍ය වූ මානුෂික කුසලතාව කෙමින් කෙමින් පාඨකයාට ගම්‍ය කරන්නට සියුම් උත්සාහයක යෙදේ. ඒ සිදුහත් කුමරා තුළ වූ අන් ශාඛ්‍ය කුමාරයන්ට වඩා වෙනස් වූ සිතුවිලි ඉස්මතු කිරීමෙනි. විද බිම ලද සතෙකුගේ මරණ මොහොත තරුණ සිදුහත් සිත තුල කම්පනයක් ඇති කරයි. පියවි ලොවේ තමන් විදින සුඛ විහරණ පිළිබ`දව ද ඔහුගේ සිත සසල කරයි. මෙලෙස මෙම සූක්ෂම බුද්ධිය නිසා ඔහු සිත තුළ පෙර නොවූ විරූ සුන්දර හැ`ගීමක් උපදියි. වැද්දන් ගොවියන් දාසයන් හා සොහොන් පල්ලන්ගේ ජීවිතයේ සුන්දර පැත්ත සේම කටුක පැත්ත ද ඔහු නුවණැසින් දරා ගනී. ඔවුන්ගේ මේ දුකට හේතුව සිදුහත් තරුණයා බුද්ධියෙන් විමසයි. මෙයට හේතුව සෙවීමට විසදුම් සැපයීමටත් ඔහු සිත් ඇතුලාන්තයෙන් වෙහෙසෙයි. විහවාහයෙන් පසු ඔහුගේ අත්දැකීම් තවත් පුළුල් වෙයි. ඔහු භෞතික විස`දුම් මගින් එවකට තමා අවට සමාජයේ පුරවැසියන්ට විමුක්තිය දානය කිරීමට උත්සාහයක් ගනී. නළගනන් තමා පිනවීමට ගත් වෙහෙස දැක කළ කිරීම නිසා දුක් වි`දින ගොවි දාසයන් නිදහස් කිරීම, නල`ගනන්ගේ සේවා කාලය කෙටි කිරීම වැනි තාවකාලික විස`දුම් ඔහු ඉදිරිපත් කරයි. දරු ප‍්‍රසූතියේදී බිරි`දත්, දරුවාත් වි`දින වේදනාව ඔහු සිත කළඹයි. නමුත් මෙවැනි අවස්ථාවන් හැ`ගීමෙන් වි`ද දරා එනයින් සසර කළ කිරීමට තරම් බොළ`ද මනසක් මේ බවතරණයේ සිදුහත් ළ`ග නොමැත. එහෙයින් බවතරණයේ සිදුහත් අභිනික්මන් කරන්නේ සසර කලකිරී වල් වදින්නෙකු සේ නොව සටනට මුහුණ දිමට මහා චිත්ත ධෛර්යකින් යන සෙනෙවියකු ලෙසින. 

සිදුහත් කුමරුගේ සහකාරිය වන යශෝධරාවන් පිළිබ`දවද බව තරණය නව ප‍්‍රතිරූපයක් එක් කර ඇත. එනම් යශෝධරාව යනු සාම්ප‍්‍රදායික කුල සමාජයේ කාන්තාවක් ලෙස සිදුහත් කුමරුගේ බිරි`ද ලෙසද ඉන් ඔබ්බට ගොස් සිදුහත් තරුණයාගේ හදවත මනාව තේරුම්ගත් උදාර බුද්ධිමත් කාන්තාවක් ලෙසිනි. සිදුහත් තරුණයා හෙවත් තම ස්වාමි පුරුෂයාගේ අභිනික්මන කලින්ම දැනගත් ඇය ඊට අවශ්‍ය කළමණා පවා සූදානම් කළ අයුරු බවතරණයේ දැක්වේ. 

මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ තවත් ප‍්‍රකට වූ ශ්‍රේෂ්ඨ නවකතාවක් වූ විරාගයේ ස`දහන් අරවින්දගේ චරිතය පිළිබ`ද කෙටි සංසන්දනාත්මක විවරණයක යෙදීම, බවතරණයේ සිදුහත් තරුණයාගේ උදාරත්වය මතු කර පෙන්වීමට සාක්ෂියක් ලෙස යොදාගත හැකිය. 

විරාගයේ අරවින්ද සමාජයෙන් පැන යන්නට උත්සාහ දරණ ආත්ම ශක්තිය හීන පුද්ගලයෙකු ලෙස ද එම චරිතය ගුරුකොට පසුකාලීන නවකතා කරුවන් පරාධීන චරිත සිංහල සාහිත්‍යයට එක් කරන්නට දැන හෝ නොදැන උත්සාහ දරා ඇති බව පෙනේ. නමුත් මෙම බවතරණයේ එන සිදුහත් තරුණයා, මිනිසත් බවේ අපරාජිතත්වය පෙන්වන උදාර චරිතයක් ලෙස සිංහල සාහිත්‍යයට එක් කළ හැක. 

අප මෙතෙක් අසා තිබූ බුද්ධ චරිත කථාවන්හි දැක්වෙන්නේ රාහුල කුමරුන් උපන් විගස සිදුහත් තරුණයා අභිනික්මන් කළ බවයි. නමුත් සිදුහත් වැනි පරමාදර්ශී උදාර තරුණයෙකුට මෙයය තරම් නොවන බවත් යථාර්ථවාදී සිදුහත් කුමරා රහල් කුමරුන් ඉපදී මද කලක් ගත වූ පසු යශෝධරාවට ද ඒ බව දන්වා අභිනික්මන් කළ බව ද පෙන්වයි. 

සියලූ දාර්ශනිකයන් වෙත ගොස් ඉන් තම ප‍්‍රශ්නයට පිළිතුරු නොදකින සිදුහත්, හුදෙකලාව කරන චිත්ත, චෛතසික සංග‍්‍රාමය වික‍්‍රමසිංහ මහතා මිනිස් සිත පිළිබ`ද වූ මනා අවබෝධයකින් යුතුව විග‍්‍රහ කරයි. දුෂ්කර ක‍්‍රියාවෙන් දුබල වූ සිදුහත්ට  ගොපලූ ලියක් සත්කාර කරන විටත් සුජාතාව හමුවූ විටත් ඔහුට යශෝධරාව සිහි වේ. මෙම අවස්ථාවේ දී ඔහු සිත තුළ වැඩෙන ස්නේහය තුළින් ඔහුගේ සිත තුළ හටගන්නා සංකීර්ණත්වය මිනිස් බව මනාව විදහාපායි. සුජාතාව හමුවූ සිදුහතට යශෝධරාව තිඹිරිගෙයි නැගූ කෙ`දිරිය සිහි වීම මෙම මානුෂික හැ`ගීම් හා බුද්ධි විෂය අතර ඇති වූ සංකීර්ණ ගැටුම දක්වයි. 

මෙලෙස බුද්ධිමය ලෙස පිබිදුණූ සිදුහත් තවුසා බුද්ධත්වය ලබා ගැනීම මානව චිත්ත සංන්නතිකයේ ස්වාභාවික ක‍්‍රියාදාමයක් ලෙස බවතරණය නවකථාවේ අර්ථකතනය කර ඇත. වහල් ස්වභාවය හා පන්ති භේදය සමාජයෙන් තුරන් කිරීමට ඔහු තුළ පැවති අධිෂ්ඨානයත්, පීඩනයත් කෙරෙහි දැක්වූ අනුකම්පාවත් සුද්දෝධන රජුලේ දාසයන් අමතා ඔහු කියන මේ කථාවෙන් පැහැදිලි වෙයි. 
‘‘නුඹලා නිදහස්, නුඹලාට  ඕනෑ තැනක ගොස්  ඕනෑ වැඩක් කරන්නට පුළුවන්.’’ එවිට කපිල නම් වූ ඔහුගේ මිතුරා මෙසේ කියයි. ‘‘දාස කර්මය රජයේ පිළිවෙතක් ඔබගේ නියමයට සමහර ජනරජ නිලමෙලා විරුද්ධව නැගී සිටින්නට පුළුවනි.’’ ඊට සිදුහත් දෙන පිළිතු වික‍්‍රමසිංහයන් මෙසේ බවතරණයේ රචනය කර ඇත. 

‘‘ඔවුන් විරුද්ධ වුනොත් මම මගේ නියමය වඩාත් උනන්දුවෙන් රකිනවා. පියාණන් හා අනික් නායකයන් ඔවුන්ගේ පැත්ත ගත්තොත් මම මාළිගාවෙන් පිටවෙලා යනවා. මම විරුද්ධ වන්නේ දාසයන් පිළිබ`ද පිළිවෙතට පමණයි. එය බමුණු රාජ ආණ්ඩුවෙන් ලත් දායාදයක්....... මම ඊට විරුද්ධව යටත් කරනවා.’’

සිදුහත් කුමරා සැප සම්පතින් අනූන කුමාර දිවියකට ඇබ්බැහි වූ රජ පොව්වකු ලෙසින් බවතරණයේ නොදැක්වීමට වික‍්‍රමසිංහයන් වග බලාගෙන ඇත. 

‘‘සිදුහත් කෙත්වල වැඩ කරන කීප දෙනෙකුටම හ`ඩ ගෑවේය. ඔවුන්ගේ මැළවුණු මුහුණූ වැඩ කිරීමෙහි හා වෙහෙසීමෙහි පමණක් නොව ආහාර මද කමෙහි ද විපාකයි. ඔවුන්ගේ දුබල සිරුරු දෙස බැලූ සිදුහත්ගේ කළ කිරීමට බෙහෙවින් හේතු වූයේ ක්ෂත‍්‍රියයන්ගේ කාම ජීවිතය නොව, පොදු ජනයාගේ දුක් සහිත පීඩිත ජීවිතයයි.’’ (බව තරණය 46 පිටුව* තමා අවට පරිසරය සිදුහත් තරුණයා හ`දුන්වා දී ඇත. 

සිදුහත් කුමරා ඉපදී බුද්ධත්වය දක්වා කාල පරාසය ඉතාමත් නිර්මාණශීලී ලෙස අද්භූත දේවත්ව සිදුවීම් බැහැරකර යථාර්ථවාදී ලෙස ඉස්මතු කිරීමට වික‍්‍රමසිංහයන් ඉතා ප‍්‍රශංසනීය වූ ද අපූර්ව වූ ද උත්සාහයක් ගෙන ඇත. නමුත් බුද්ධත්වය ලැබීම හා ඉන් අනතුරු බුද්ධ චරිතය පිළිබ`ද සිදුවීම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට කතුවරයා ක‍්‍රියාකර ඇත්දැයි යන්න ගැටළුවකි. සිදුහත් තරුණයා තුළින් මතුවන මානව දයාව, උසස් තියුණු නැනසකින් යුත් බුද්ධිමත් චෛතසිකවත් තරුණයාගේ ගලායාම බුද්ධ චරිතය හරහා එක සේ සිදු නොවී යයි මගේ අදහසයි 

විශේෂයෙන්ම අධ්‍යාත්මකව බුදුන් සිත හටගත් මාර යුද්ධය ජයගෙන බුද්ධත්වයට පැමිණීමේ අවස්ථාව මීට වඩා ප‍්‍රබල ලෙසින් නිර්මාණය කරන්නට හැකියාව තිබූ බව මාගේ මතයයි. 

තම සිරුරෙන් වරෙක ගිනිත් වරෙක දියත් එකවර නිකුත් කරමින් යමාමහ පෙළහර පාන්නකු ලෙස අද්භූතවාදීන් විසින් අපට හ`දුන්වා දුන් බුදුන්වහන්සේ බවතරණයෙන් උසස් චෛතසිකත්වයෙන් යුත් මනුෂ්‍යයකු යන හැ`ගීම එක් කරයි. එමෙන්ම සත් සතිය පිළිබ`ද අප මෙතෙක් අසා ඇති ප‍්‍රබන්ධයන්ට නව මුහුණුවරින් ප‍්‍රතිචාර දීමට බවතරණය උත්සාහ කර ඇත. සවන සතියේ උන්වහන්සේ වටා සිටි නාගය හුදෙක් සංකේතයක් බව යථාර්ථවාදී මනසින් යුතුව අපට අවබෝධ වන්නේ පහත දැක්වෙන කොටසිනි. 

‘‘නාගයා සියලූ කෙලෙස් කැටිකොට දැක්වෙන දංකේතයක් බව සිදුහත් වටහා ගත්තේය. ගිහි ජීවිතය හා යශෝධරා, රහල් කුමරා, ගෝපිකා, සුජාතා පිළිබ`ද හැ`ගීම් මඩිනු ලබන විට යළිත් නගියි. ඔහු සිතින් බැහැර කළ ගිහි සැපපිළිබ`ද හැ`ගීම් ඔහු ඉදිරියේ තණ බිස්සෙහි වැටී තිබුණූ ගිනි පුළි`ගු මෙන් සිදුහත්ට පෙනේ. නිවුණ ඇතැම් ගිනි පුළි`ගු තවමත් දුම් නගයි. සිදුහත් තමාගේ හිස මුදුන හෙවණ කළ නාගයාගේ බොටුව දකුණතින් මිරිකුවේය. ඔහුගේ අතට හසු වූයේ නාගයාගේ බොටුව නොව තමාගේ හිස් මුදුනේ වූ දළ මඩුල්ලයි’’

මෙවැනි අවස්ථා මගින් බුද්ධ චරිතයට ඉපැරණි කතුවරයන් විසින් එක් කර තිබූ මනඃකල්පිත සිදුවීම් එම සිදුවීම මුළුමනින්ම ඉවත නොදමමින් සංසන්දනාත්මකව යථාර්ථවාදී ස්වරූපයකට පරිවර්තනය කරන්නට වික‍්‍රමසිංහයන් ඉතා දක්ෂ උත්සාහයක යෙදී ඇත. 

බුද්ධ චරිතය විස්තර කිරීමේදී බුදුන් වහන්සේ ශ‍්‍රාවකයන් පිරිවරා කපිල වස්තුවට යාම, දෙපාමියන් හමුව, යශෝධරා හා පුත් කුමරුවන් හමුවීම වැනි සිද්ධීන් ජීවිතයේ සැබෑ සිදුවීම් ලෙසම විස්තර කිරීමට වික‍්‍රමසිංහයන් වෑයම් කොට තිබීම ප‍්‍රශංසනීය වන්නේ බුදුන් වහන්සේ දෙවියකු නොවන බව ඒත්තු ගැන්විය යුතු නිසාමය. එමෙන්ම බුදුන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පූජාවට ලක්වූයේ උන්වහන්සේ සැඩොලූන්, දාසයන්, ගොවියන්, ගොපල්ලන් ආදීන්ගෙන් පටන් ක්ෂත‍්‍රියයන්, බමුණන්, සිටුවරුන්, වෙළෙන්දන්ගෙන් යුත් මුළු  ජනතාවකගේම විමුක්තිය පතා පන්ති, කුලභේද නොතැකූ පොදු විනය මාර්ගයක් හෙවත් පොදු ජීවන ක‍්‍රමයක නිර්මාතෘවරයා වූ නිසාය. මේ බව බවතරණයෙන් පැහැදිලි කර දෙයි. 

එමෙන්ම බව තරණයේ ‘‘හමාර කීමේ’’ දී වික‍්‍රමසිංහයන් යොදා ඇති වාක්‍ය කීපය ‘‘දයාව, කරුණාව, මෙත් සිත, මානව භක්තිය හා ලෝකෝත්තර හැ`ගීම් ද විසින් බුදු සිරිත හා කිතුනු සිරිත එක සමාන වෙයි.’’ ඒ ඒ මුනිවරයන්ගේ චරිත පූජනීය චේතනාව බැති මෙත් වඩන එක හා සමාන දහම් කථා වෙයි.’’ විවාදාත්මකව විවේචනය කිරීම වැදගත් කොට සලකමි. 

ක‍්‍රිස්තු චරිතයේ ස`දහන් ක‍්‍රිස්තුස් වහන්සේ වූ කලී කතෝලිකයන්ට අනුව දෙවියන් විසින් මෙලොවට මිනිසකුගේ වෙසින් එවන ලද දේව පුත‍්‍රයෙකි. ක‍්‍රිස්තු තරුණයාගේ ජීවන කතාන්තර පිරක්සීමේදී බොහෝ අවස්ථාවල එතුමාගේ මානුසිකත්වය පෙන්වීමටත් අනෙකුත් මිනිසුන් වි`දින දුක් වේදනා එතුමා ද වි`දින බව පෙන්වීමටත් උත්සාහ දරා ඇති අතර එම චරිතය මනුෂ්‍යයන් විසින් අදහන තත්ත්වයට උසස් කිරීමට දේවත්ව සංකල්ප ද ඉදිරිපත් කර ඇත. කුරුසියේ ඇණ ගසන අවස්ථාව වඩාත් සංවේදී ලෙස විස්තර කෙරෙන අතර මලවුන්ගෙන් නැගිටීම, ලෙඩුන් සුව කිරීම, මලවුන්ගෙන් සමහරුන් මුදවාගෙන පනදීම වැනි අවස්ථාවන් දේවත්වය ගුරු කොට ගෙන ඉදිරිපත් කර ඇත. ඉපැරණි බෞද්ධ සාහිත්‍යයේ පෙන්වූ සිදුහත් කුමරා හා බුදුරජාණන් වහන්සේ, ක‍්‍රිස්තු චරිතය විස්තර අනුගමනය කළ මානුෂික බව ඉක්මවා ගොස් අද්භූත අතිශයෝක්ති සහගත ලෙස මනඃකල්පිතයන් ගොතමින් විස්තර කර ඇති බව මාගේ හැ`ගීමයි. නමුත් බවතරණයේ විස්තර කෙරෙන සිදුහත් හා බුද්ධ චරිතය එම අද්භූතයන් ඉවත් කොට සාමාන්‍ය මනුෂ්‍ය තලයට ගෙන කිතු චරිතයට යම් පමණකට හෝ සමාන්තර ලෙස ඉදිරිපත් කිරීමකි. වික‍්‍රමසිංහයන් විසින් කිතු චරිතය කියවා තිබීමත් එතුමා පෙර ස`දහන් කළ පරිදි ‘‘හමාර කීමේ’’ දී තිබූ වාක්‍ය කීපයක් මීට සාක්ෂි දරයි. 

බුද්ධ චරිතයෙන් අනතුරුව බෞද්ධ දර්ශනය පිළිබ`දව ද බවතරණය නව ආරකින් තම රචනය පාඨකයන්ට ගෙන හැර දක්වයි. බවතරණයේ 165 පිටුවේ පටන් අවසානය දක්වා බෞද්ධ දර්ශනය ඉදිරිපත් කෙරේ. සාරිපුත්ත රහතන් වහන්සේ සමග බුදුන් වහන්සේ කරන සාකච්ඡුාව ඉතා උසස් වූ සංවාදයක් සේම එය පුනරුප්පත්තිය හා පුනර්භවය පිළිබ`දව කෙරෙන විද්‍යාත්මක විස්තර කිරීමක් ද වේ. 

ක‍්‍රි. පූ. 2 වන සියවසේ සිට ක‍්‍රි. ව. 3 වන සියවස දක්වා වූ කාලයේ බුදු සිරිත පිළිබ`දව දැන ගැනීමට තිබූ එකම මූලාශ‍්‍රය වූයේ පාළි ත‍්‍රිපිටකයයි. එහි දැක්වෙන අව්‍යාජ බෝසතුන් හා බුදුවරයා ඉන්පසු ඇති වූ හින්දු හා මහායාන බලපෑම් නිසා බුදු සිරිත විකෘති වෙමින් එයට දේවත්ව හා අද්භූතවාදී සංකල්ප ඇතුල් කිරීමට පටන් ගැනින. මෙවන් පසුබිමක බුදුරජුන්ගේ සිරුරු ප‍්‍රමාණය ගැන පවා පසුගිය කාලය තුල සිටි අපේ ථෙරවාදී බෞද්ධයන් අතර පැවතියේ බොළ`ද දැනුමක් බව අව්කන වැනි මහා බුදුවරුන්ගෙන් පෙනී යයි. එමෙන්ම අපේ සමහර ගුරුවරුන් බුදුන් වහන්සේ යනු සදා අපට කිට්ටු විය නොහැකි ජනතාව මගින් ඈත් වී අහසින් ගමන් කරන රැස් විහිදුවා මිනිසුන් බය කරන අරුම පුදුම පුද්ගලයෙකු සේ මහා පෑවේය. 

බවතරණය නවකතාව ලංකාවේ බිහි වූයේ මෙවන්පසුබිමක බව අමතක කළ යුතු නොවේ. බවතරණයෙන් පෙන්වන යථාර්ථවාදී චිත‍්‍රයට ගතානුගතික ගිහි පැවිදි ආගමික හා සාමාජියික සංකල්ප දෙදරවන්නට හැකි විය. 

සිදුහත් කුමරුන් බිහි කළ මගධ රට හා අසල්වැසි ජනපදවල ආර්ථික සමාජ හා සංස්කෘතික පරිසරය හෙළි කරන බවතරණය එදා ඉන්දියානු සමාජය පිළිබ`ද විග‍්‍රහයක් මවන්නට උත්සාහ ගෙන ඇත. මේ ජනපද තුළ සිදු වූ කුල භේදය සමාජ අසහනයට මූලික හේතුවක් විය. එමෙන්ම ආර්ථික විෂමතාවයන් ද බහුලව තිබිණ. මෙවන් පරිසරයක වුව ද කිසියම් චින්තන නිදහස තිබූ බව, සිදුහත් කුමරා තම තරුණ වියේ දී කළ කී සමහර විප්ලවීය ක‍්‍රියාවලින් පැහැදිලි වේ. 

බවතරණය නව කතාවක් ලෙස විචාරන්නට  ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇතත් එය විරෝධයක් දක්වා උත්සන්න කොට වික‍්‍රමසිංහයන්ට ............ එල්ල කරමින් බෞද්ධ විරෝධියෙකු යයි කීම සාධාරණ නැත. මෙයට සාක්ෂි බුදුරජාණන් වහන්සේගේ මෙම ප‍්‍රකාශයේම ගැබ් වී තිබේ. 

‘‘බුද්ධ ධර්මය විවෘත වූ තරමටම, ප‍්‍රකට වූ තරමටම විවේචනය වූ තරමටම බැබළෙයි. වසා තිබුණු තරමට නොබැබලෙයි.’’

මෙම නිසා බවතරණය ඉදිරිපත් කිරීමෙන් මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන් විසින් බෞද්ධ සමාජය හට මං පෙත් ඔස්සේ පුබුදුවමින් විචාරශීලී බෞද්ධයෙකු බිහිවීමට මං පෙත් විවර කළේය. එමෙන්ම බුදු රදුන් විසින් පවසා ඇති පරිදි ‘‘මා දෙසූ ධර්මය ඔරුවක් මෙන් එතෙර වීමට උපකාරී වී යයි. කරගහගෙන යාමට නොවේ’’ ලෙස අතිශයෝක්ති සහගත අද්භූත හරයන්ගෙන් පෙරා සැබෑ බුදු රජුන් නැමති මිනිසා මතු කරන්නට ගත් උත්සාහය අගය කළ යුතුය. 

ආශ‍්‍රිත ග‍්‍රන්ථ ලිපි

බවතරණය, මාර්ටින් වික‍්‍රමසිංහ
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර පදනමේ නිල වෙබ් අඩවිය
මාර්ටින් වික‍්‍රමසිංහ සහ බවතරණය
කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි
උපුටා ගැනීම බවතරණය හා යථාර්ථ රීතිය - දයාපාල ජයනෙත්ති
අද්භූත සාහිත්‍ය සම්ප‍්‍රදාය හා බවතරණය - ඩබ්ලිව් ජයවර්ධන

ප්‍රභාත් විතානගේ
2008


Previous Post Next Post

نموذج الاتصال